බාර් බලපත්‍ර අහොසි කිරිමට බයේ වෙවුලන මහනුවර වේලු  ලොහාන් හා ගුණතිලක හිටපු මන්ත්‍රිවරු

රනිල් වක්‍රමසිංහ ආණ්ඩුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අරක්කු තැබෑරුම් බලපත් ලබා ගත්  පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කීප දෙනෙක් වන වේලු කුමාර් හෙවත් බාර් වේලූ, ලොහාන් රත්වත්තේ හෙවත් සිරගෙදර චාගුණ්ඩියා හා හාරිස්පත්තුවේ   මහින්දානන්දගෙන්  ගුටි කෑ ගුණතිලක රාජපක්ෂ යන අය තමන්ගේ අරක්කු  බලපත් රුපියල් කෝටි තුන බැගින් වූ මුදලකට විවිධ ව්‍යාපාරිකයන්ට විකුණා තිබේ.

එම අරක්කු තැබෑරුම් සීමාවක් නැතිව මහනුවර දිස්ත්‍රික්කයේ  ස්ථාන කීපයක ස්ථාපිත කර තිබේ.එවා දිගන ,පල්ලේකැලේ ,හාරිස්පත්තුව සහ තෙල්දෙණිය ආදි ප්‍රදේශවල ස්ථාපිත කර ඇත.

එම අරක්කු තැබෑරුම් බලපත් අහෝසි කරන බවට වත්මන් රජය  නිවේදන නිකුත් කිරීමත් සමග ,ඒවායේ බලපත් මිළදී ගත් ව්‍යාපාරිකයන් දැඩි සේ කළබලයට පත්වී සිටිති.කුණ්ඩසාල ආසනයේ පමණක් තැබෑරුම් 12 කට වඩාතිබේ.

තෙල්දෙණිය නගරයේ තැබෑරුම්  හතරකි. ලොහාන් මන්ත්‍රීවරයා තැබෑරුම් බලපත් දෙකක් රුපියල් කෝටි  හයකට විකුණා ඇති බවත්  ,රනිල්ගේ පක්ෂයේ සිට සජබයට පැන්න දෙමළ ජන්ද වලින් පාර්ලිමේන්තුවට ගිය එස් වේලූකුමාර් යන මන්ත්‍රී වරයා  ඔහුට රනිල් ජනාධිපති සමයේ ලබා දුන් තැබෑරුම් බලපත්‍රය  දමිළ ව්‍යාපාරිකයෙකුට රුපියල් කෝටි තුනක මුදලකට විකුණා ඇතැයි ආරංචි මාර්ග සඳහන්කරයි.එම තැබෑරුම පල්ලේකැලේ ආයෝජන කලාපට ඇතුල් වන ගේට්ටුව අසල විවෘත කර ඇත.එම තැබෑරුමට එරෙහිව විරෝධතා  උද්ඝෝෂණ   නොකර සිටීමට  ප්‍රදේශයේ  සජබ ක්‍රියාකාරී ප්‍රබල චීවරධාරියෙකුට අත යටින් ලක්ෂ දහයක් ලැබී ඇති බව සජබ ක්‍රියාකාරීන්ම පවසති.

බාර් වේලූ නැමැත්තා මුලින්ම ටියුෂන් ගුරෙකි.පලාත් සභාවට තරඟකොට පලාත් සභා මන්ත්‍රී ලෙස දමිළ ජනතාවගේ ජන්ද වලින් පලාත් සභාවට තේරී පත්විය .පසුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී  මහනුවර දිස්ත්‍රික්කයේ වතුකරයේ කම්කරු ජනතාව රවටා ජන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වී රනිල්ට එකතු වී සිට පසුව සජබේ පක්ෂයට එකතු විය.

මොවුන්ගෙන් තැබෑරුම් බලපත් රුපියල් කෝටි ගනන් මුදල් ගෙවා ලබාගත් ව්‍යාපාරිකයෝ  කලබලයට පත්වී සිටින්නේ වත්මන් රජය එම තැබෑරුම් අවලංගු කිරීමට ගත් තීරණයත් සමගය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *