අනුරට රට ගිය නිසා  ලක්ෂ්මන්ට හා නෙරංජන්ගේ සිහින බොද වෙියි

සමගි ජන බලවෙිගය පක්ෂයට මහනුවරින් අලුතින් එනසෑම දේශපාළනඥයෙකුම කපා ඔහුගේ කකුළෙන් ඇද දමා තමන්ගේ  දියණිය රජ පුටුවට ගෙන ඒමට සිහින දැක්ක මහනුවර ලක්ෂ්මන් කිරිඇල්ල  සමගි ජනබලවේගය මහනුවර සහ සෙංකඩගල ආසන දෙක අන්ත පරාජයක් ලබා  මාළිමාව  බලය හිමිකර ගැනීමත් සමග ලක්ෂ්මන්ගේ අගමැති සිහිනයද බොඳවී ගොස්තිබේ.

නගරය පුරා රතිඤ්ඤා පුපුරවන්නට දක්ෂතා දැක්වූ හෙංචයියලා පිරිවරාගත් ලක්ෂ්මන්ගේ අගමැති සිහිනය බොඳවීමත් සමග ඔහු නුවරින් පිටව ගොස්  තිබෙි

තිස්ස අත්තනායක , වසන්ත යාපා බණ්ඩාර වැන්නවුන් කපා තනිව අගමැති වෙන්න  උත්සහ කල කිරිඇල්ල මහතා වයස්ගත තත්වය හේතුවෙන්    මහනුවර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාළනඥයෙකු බව එම ජනතාව  පවසති.

තම දියණිය කරළියට ගෙන ඒම සඳහා තමන් වටේ සිටින සමීප සගයන්ට පවා බලපෑම් කරන ලක්ෂ්මන් ,තම දියණිය මොන උප්පරවැට්ටියකින් හෝ පාර්ලිමේන්තුවට  යැවීමට උත්සාහ දරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් එකෙන් පාර්ලිමේන්තුවට  යාමේ අපේක්ෂාවෙන්  පසුවෙන කිරිඇල්ල ට  සිදුවූයේ ඔහුගේ අගමැති සිහිනය බොඳවී යාමකි.

මේ අතර සජිත් ජනපති වුවුවානම් මධ්‍යම ආණ්ඩුකාර ධූරයට ඇහැ ගහගෙන සිටි  නෙරංජන් විජේරත්නගේ ආණ්ඩුකාර සිහිනයද බොඳවිය. දළදා මාළිගාවේ දියවඩන නිළමේ වන්නට සිහින දැක දැක සිටි සුදන්ත සේනානායක නැමති අයටද  සිදුවූයේ සිය සිහිනය බොද කරගන්නටය. ඔහු සජිත් ජනපති වෙනතෙක් හීන දුටු හිටපු පුංචි දේවාලයක බස්නායක නිළමේ වරයෙකි.

මේ අතර ඔවුන්ට මුක්කු ගැසූ පොහොට්ටුවේ හිටපු පුරපති සේන දිසානායකට අල්ලපු අත්තත් නැතිවී පය ගැසූ අත්තත් නැතිවී ඔහු බිම වැටී නන්නත්තා වී දේශපාළන අනාථයෙක්බවට  පත්ව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *