පොලිස් ඇමති තුමණි, අධිකරණ නියෝග  කමල්ට හා නෙවිල්ට වලංගු නැද්ද

අධිකරණ නියෝග තඹේකට මායිම් නොකර කටයුතු කළ හිටපු නිතිය හා සාමය අමාත්‍යංශයේ ඇමතිවරයා සිය බලය උපයෝගි කර ගෙන ක්‍රියාත්මක නොකළ අධිකරණ නියෝග වහාම ක්‍රියාත්මක කරන ලෙස නව නිතිය හා සාමය අමාත්‍යවරයාගෙන් හා එහි ලෙක්ම්වරයාගෙන් කණිෂ්ඨ පොලිස් නිළදාරිහු ඉල්ලා සිටිති.

සුදුසුකම් නොමැතිව දේශපාලන බලය මත ජේෂ්ඨ පොලිස් අධිකාරි ලෙස උසස් කළ කමල් පුෂ්ප කුමාර හා කූර ලෙස වද හිසා පැමිණවිමේ  චෝදනා එල්වී ඇති කොළඹ අපරාධ කොඨඨාශයේ පොලිස් අධිකාරි නෙවිල් සිල්වාට ලබා දී ඇති අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

සාමාන්‍ය පෙළ අසමත්ව   පොළොන්නරුව දියබෙදුමෙන් උපසේවා  උපපොලිස් පරික්ෂකවරයෙකු ලෙස පොලිසියට එක්වී ඉහළ නිළධාරින්ට හා දේශපාලඥයන්ට කාන්තාවන් හා මුදල් වියදමි කර තනතුරු ලබා ගෙන සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්ප කුමාරට ලබාදි තිබු ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුර සුදුසු කම් නොමැති නිසා ඊඨ එරෙහිව සහකාර පොලිස් අධිකාරිවරුන් 134 දෙනෙකෙු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කිරිමෙන් පසුව ඔහු උසස් කිරිම නිති විරෝධි බැවින් වහාම තනතුර පහළ හෙලන නෙසට නියෝග කලේය.

 අධිකරණය මගින් එය ඉවත් කිරිමෙන් උරණවු පොලිසිය භාර හිටපු ඇමති ටිරාන් අලස් ඇමතිවරයා ඔහුට තවත් වගකිමි පවරා ඇත්තේ අධිකරණයට රිදවිමට බව වාර්තාවෙි.

ඒ අනුව නාගරික රථවාහන කොඨඨාශයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන අතරේ ඔහුට ක්‍රිඩා කොඨඨාශයේ අධ්‍යක්ෂක ධුරයද ලබා දි ඇති බව සදහන්වේ.

මිට අමතරව ඔහුට මෙතෙක් කලක් නාගරික රථවාහන කොඨඨාශයට අයත් නොවු ප්‍රදේශද එකක් කර වැඩ භාරදිමට ඇමතිවරයා කටයුතු කර තිබෙි. ඒ අනුව පානදුර , පැලියගොඩ , මිගමුව සහ නුගේගොඩ ආදි ප්‍රදේශද නාගරික රථවාහන කොඨඨාශයට ඇමතිවරයා විසින් එකතු කර නාගරික රථවාහන කොඨඨාශයේවත් හරි හැටි රථවාහන පාලනයක් කර ගැනිමට නොහැකි මෙම පොලිස් අධිකාරිවරයාට ලබාදී ඇති බව සදහන්වෙි.

මේ අතර නුගේගොඩ කොඨඨාශ භාර පොලිස් අධිකාරිවරයාව සිටි කාලයේ එහුගේ හිතවත් කමට දේශබන්දු තෙන්නකොන් විසින්  වැලිකඩ පොලිස් සථානාධිපති ලෙස නෙවිල් සිල්වා  පත්කළේය. වැලිකඩ ස්ථානාධිපති ලෙස කටයුතු කරන විට 2010 මාර්තු 9 දින ඔහුගේ වැඩතහනම් විය. ඊට හේතුවුයේ වත්මන් නීතීය හා සාමය අමාත්‍යවරයාගේ නිවසට එල්ල කල බෝම්බ ප්‍රහාරය විමර්ශනය කිරිමේදීය.

එම  බෝම්බ ප්‍රහාරය එල්ල කළේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායෙන් බවට අලස් කල ප්‍රකාශයට නෙවිල් සිල්වා බි වාර්ථාවට එම ප්‍රකාශය ඇතුළත් කර ඉදිරිපත් කලේය. මේ සම්බන්දයෙන් මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ටිරාන්ගෙන් විමසු විටඔහු ප්‍රකාශ  තමන් එවැනි ප්‍රකාශ නොකළ බවත් පැමිණිළි පොතේ එවැනි සටහනක් නොමැති බවය. පැමිණිලි සටහන් පොත පරික්ෂා කරන විට එවැනි සදහනක් නොමැති විම නිසා නෙවිල් සිල්වාගේ වැඩ තහනම් කලේය. 

මෙය 2010 ජනාධිපතිවරණය පැවති සමය වන අතර නෙවිල් සිල්වා මහින්ද රාජපක්ෂ වෙනුවෙනු වැඩ කළේය.අරලියගහ මන්දිරයේ සිට ජවිපේ ට එරෙහිව මඩ පෝස්ටර්  තොගයක් රැගෙන පැමිණි ලොරියක් ඇතුල් කෝට්ටේ හංදියේදි කාර්රථයක ගැටි පෙරළීණි.ආදාළ ලොරිය විවෘත කිරිමකින් තොරව දොබකරයක් ආධාරයෙන් කෙලින් කර ගැටුණු කාර් රථයට රුපියල් ලක්ෂ  දෙකක් ලබා දී ඒ සමිබන්ධයෙන් තොරතුරු පොත්වල කිසිවක් සටහන් නොකර ලොරි රථය පිටත් කිරිමට නෙවිල් සිල්වා කටයුතු කළේය.

අවසානයේ යළි ඔහුගේ  සේවය 2011 මාර්තු 26 නැවත සේවයේ පිහිටවා   අනුයුක්ත කෙරුණේ කොළඹ අපරාධ කොඨඨාශයටය.ඉන් පසු දේශබන්දු ගේ මැදිහත්විම මත ඔහුට ඉදිරිපත් කර තිබු චෝදනා පත්‍රය ඉවත් කර සහකාර ලපාලිස් අධිකාරි තනතුරට පත් කළේය්.ඒ ගෝඨටාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වු පසුවය .එතැන් සිට කොළඹ අපරාධ කොඨඨාශයට අධ්‍යක්ෂක වරයෙකු ලෙස කිසිදු ජේෂඨඨ පොලිස් අධිකාරිවරයෙකු පත් නොකොට එහි වැඩබලන අධ්‍යක්ධවරයා ලෙස පත් කරන ලදි.එදා ටිරාන් නිසා රැකියාවත් අහිමි වු නෙවිල්ට  ඔහුගේ සියලු අනිතික වැඩ දේශබන්දු නිසා කිරිමට සිදුවිම දෛවෝප ගත සිද්ධියකි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය පාඨළි චමිපික රණවක මහතා රාජගිරියේදී සිදුවු අනතුරින් පසුව ඔහුගේ රියදුරා අත්ඩංගුයට ගැනිමට ගිය නෙවිල් සිල්වා ඇතුලු පිරිස රියදුර එහි නැති තැන ඔහුගේ බිරිය හා ළමයා රැගෙවිත් අමානුසික ලෙස කටයුතු කිරිම සදමිබන්ධයෙන් පැවැති නඩු විභාගයේදී අධිකරණය තිරණය කළේ පොලිසියේ ක්‍රියා කලාපය මනුස්‍යත්වයට ගැලෙපෙන නොවන බවත් එම නිළධාරියා පොලිස් සේවයට නොගැලෙපෙන නිසා ඔහුට එරෙහිව විනයානු  කූලව ක්‍රියා මාර්ග ගන්නා ලෙසටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *