නොරොච්චෝලේ ගල් අගුරු අලු ටෙන්ඩරයෙනුත් බිලියන හයක් රටට අහිමි කළ හිටපු ඇමතිගේ කෙරුවාව ජනපති නතර කරන්න

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් දහනය වී ඉවත් කරන ගල්අගුරු අලු නොයෙකුත් නිෂ්පාදන සදහා අලෙවි කරන අතර එවා මෙතෙක් අලෙවි කළ ටෙන්ඩරය අහෝසි කර ලබන ඔක්තෝම්බර් 01 දින සිට රුපියල් දසදහසක් අඩුවෙන් අලෙවි කිරිමට තිරණය කිරිම නිසා රජයට වසර දෙකකට රුපියල් බිලියන හයක් අහිමිවන බව වාර්ථාවෙි.
මිට වසරකට ප්‍රථම එම අලු අලෙවි කිරිම සදහා වසර තුනකට ටෙන්ඩර් කැදවු අවස්ථාවෙි විදේශිය සිමෙන්ති සමාගමක් අලු ටොන් එකක් රුපියල් 13300කට මිලදි ගැනිමට තේරි පත් වු පසු වසරක් ඉක්ම යන තැන එම ටෙන්ඩරය අහොසි කර නැවත ටෙන්ඩර් කැදවිමට මණ්ඩලය තිරණය කළේය.
ඒ අනුව යලි ටෙන්ඩර් කැදවිමේදී හිටපු විදුලිබල ඇමති , ලේකම්, සාමන්‍යධිකාරිවරයා ඇතුලු පිරිස එකවී නැවත මිට පෙර එම අලු ටෙන්ඩරය ගත් සමාගමට අයත් ව්‍යාජ සමාගමක නමින් ඉදිරිපත් කර මෙට්‍රික්ටොන් එකක් රුපියල් 2300ක මිලකට ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇති අතර එහි ගණන් ගැටලුවක් නිසා නැවත ටෙන්ඩර් කැදවාඇත.
ඒ අනුව තෙවැනි ටෙන්ඩරය ටොන් එකක් රුපියල් 2900 මිලකට එම සමාගම ඉදිරිපත් කිරිමෙන් පසු එය අනුමත කර තිබෙි.එමගින් මිට පෙර අලු ටෙන්ඩරය රුපියල් 13300 අලෙවි වු අතර ලබන පළමු වෙනිදා සිට ටොන් එකක් 2900 බැගින් ඉදිරි වසර දෙකකට ලබා ගැනිමට පසුගිය 04 වෙනි දින අනුමත කර තිබෙි.
මේ අනුව මසකට බලාගාරයෙන් දහනය වන ගල් අගුරුවලින් ඉතිරිවන අලු ටොන් 25000ක් අලෙවි වන අතර ( දැනට අලෙවි වන මිල 13300- නව මිල 2900 = 10400( අලාභය) මසකට අලු ටොන් 25000 ක් 10400 බැගින් අලෙවි කිරිමෙන් මසකට රුපියල් 260 000 000 අලාභයක් සිදුවන අතර එය වසර දෙකකට රුපියල් 6 240 000 000 කි)ඉන් සිදුවන අලාභය බිලියන හයකි .වර්ථමාන ඛණිජ තෙල් අමාත්‍යංශය හා විදුලිබල මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින අතර වහාම මෙම රුපියල් බිලියන හය රටටඉතිරි කිරිමට මෙම ටෙන්ඩරය නවතාලිමට මැදිගත්වන ලෙස එහි සේවකයෝ ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *