ගුරුවරුන්ට සිංහපාට් දැන රූමත් කතුන් ඉදිරියේ ඇබරෙන මධ්‍යම පළාත් අධ්‍යපන ලේකම්

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයාගේ හිතවත්කමට  පත්වීමක් ලබාදුන්  මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා    ඔහු හමුවීම සඳහා  අත්‍යාවශ්‍ය නිල කටයුත්තකට කාර්යාලයට පැමිණෙන අයවලුන්ට ඔහු.හමුවීමට නොහැකි බව  මධ්‍යම පලාතේ ගුරුවර ගුරුවර ගුරුවරියෝ පවසති.

පලාත්  සභාවේ  නිලධාරියෙකුට පවා මෙම ලේකම් වරයාට දුරකතනයෙන් ඇමතීමක් ලබා ගැනීමද අසීරූ වී ඇති බව  එම නිලධාරින් පවසයි.

මෙම ලේකම් වරයා  හමුවිය හැක්කේ ඔහු වටේ සිටින රූමත් කතුන්ට පමණක් බව පලාත් සභාවේ සේවකයන් සදහන් කරයි.

පලාතේ අධ්‍යාපනය  පිළිබඳව අබමල් රේණුවක තරම් අවධානයක් යොමු නොකර රැස්වීම් උත්සව වලට සහභාගිවී තමන්ගේ පොටෝ මාධ්‍යයේ පළකර ගන්නට ආශාවක් ඇති මෙම ලේකම් වරයාට  පලාතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ධූරයට අවැසි සුදුසුකම් පවා නැතැයි  රාජ්‍ය පරිපාලනයේ ජේය්‍යෂ්ඨ  නිලධාරින් සදහන් කළේය.

අධ්‍යාපන විෂයට අදාළව  යමක් දැනගැනීමට හෝ ගුරු මාරුවකට කතා කිරීම සඳහා මෙම ලේකම් වරයා හමුවීම මහජන දිනයට වුවද අසීරූ බව බොහෝ දෙනා පැවසුහ.

කෑ ගසමින් බොරු සද්ද දමමින් තමන් හමුවීමට පල්ලේකැලේ පිහිටි පලාත් සභාවේ මොහුගේ කාර්යාලයට යන අසරණ ගුරුවරුන් ගුරුවරින්ට  බොරු සිංහ පාට් දාන මේනක හේරත් නම් මෙම අමාත්‍යාංශ ලේකම් ශීත කාමරයේ ආරක්ෂක නියාමක වරයෙකු ලඟ තබාගෙන සිංහයෙකු සේ හැසිරුණද   කරන්නේ නොගැලපෙන හිවල් වැඩ බව බොහෝ දෙනා පවසති.

මධ්‍යම පලාතේ ගම්බද පාසැල් ගරා වැටෙද්දී ආණ්ඩුකාර වරයාට බොරු වාර්තා ඉදිරිපත් කරමින්    රඟපාන මේ ලේකම් වරයා විවිධ දූෂණ අක්‍රමිකතා වලට සම්බන්ධ විදුහල්පති වරුන් ආරක්ෂා කරන  බවද  ,ගුරුවරු රැසක්ම පැවසූහ.

මාසිකව රුපියල් ලක්ෂ තුනහාමාරක් පමණ වැටුප් හා දීමනා ලබාගන්නා මෙම  ලේකම් වරයා රජයේ ටැක්ස් බද්දට හසුවීම වළක්වා ගැනීම සඳහා  සූක්ෂම ලෙස පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ටද බලපෑම් කරන බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිණි.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයාගේ  සියලු  ලමයි පාසැල්වලට ඇතුල් කිරීම සඳහාම පෙනී සිටින මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා  මෙම ධූරයට සුදුස්සෙක් නොවන බවද  පලාත් සභාවේ නිලධාරිහු පවසති.මධ්‍යම පලාත් සභාවේ ” රේඩා” ආතනයේ විවිධ මුල්‍ය අක්‍රමිකතාවලටද වගකිව යුතු මෙම ලේකම් වරයා  පලාතේ අධ්‍යාපනය බිංඳුවට වට්ටවා ඇති අයෙකු බව පලාතේ ගුරු සංගම් චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *