කැළණිය පෙන්වා ලොකු රාළහාමි ලොකු පුටුවක් ගන්න සැලසුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැළණි සරසවියේ උපාධිදාරියෙකු නිසා එම සරසවියේ ඉගෙන ගත් දිසානායක මහතාට හිතවත් කිහිපදෙනෙකු සමග ජනාධිපතිවරයා හමුවී පොලිසියේ ඉහළ තනතුරකට නිර්දේශ කර ගැනිමට ලොකු රාළහාමි සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.
පොලිස් දෙපාර්ථමේන්තුවෙි සිටින අන්ත දුෂිතයෙකු වන මෙම ලොකු රාළහාමි ඉතා දුප්පත් පවුලකින් පැමිණ මෙිවන විට කොටිපතියෙකු වී ඇත්තේ එම දුෂිත ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය නිසාවෙිනි.
අනුරාධපුර ඉසුරුමුණියට ආසන්නයේ පිහිටි ස්තූප ස්ටාර් නමින් තරුපන්ති හෝටලයක්ද , දහයියාගම හංදියේ යතුරුපැදි අලෙවි සැලක්ද , කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර කිහිපයක හා වෙනත් නගර කිහිපයක ලී බඩු අලෙවිසැල් කිහිපයක්ද පවත්වා ගෙන යයි.
ඊට අමතරව සාමන්‍ය නිළධාරින්ට සිය ගමේ පොලිසියේ රාජකාර් කිරිම තහනම් කර තිබියදී මෙම ලොකු රාළහාමිට එම නිතිය වලංගු නොවෙි.
මෙිතෙක් කල් වැහැර පොලිස් ස්ථනයට ආසන්නයේ ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය බුද්ධි අංශ කාර්යාලය ඉන් ඉවත් කර ඔහුට අයත් වදුරාගල නිවසේ පහල කොටසක් කූලිපදනම මත එම එකක්යට ලබාදී ඇත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය.
මෙවන් නිළධාරින්ට තනතුරු ලබා දිමට කැසකවන කැලණිය සරසවියේ යාලුවන් නොදන්නාවුවත් කුරුණැගල පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු කරන ලොකු කුඩා නිළධාරින් මෙම ලොකු රාළහාමිගේ කෙරුවාව හා පොලිස් පොඩ්ඩන්ගේ පවුල් කියක් කඩා බිදදමා ඇත්තේද යන්න හොදින් දනියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *