සජිතිගේ ප්‍රභළයින් රැසක් අලියා පිටේ නගින්න සැරසේ

ලබන නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය හා එක්ව තරග කල යුතු බවට සමගි ජනබලවෙිගයේ ප්‍රබලයින් රැසක් සිටින බව වාර්තාවෙි.
එළෙබෙන මහමැතිවරණයේ අගමැති අපේක්ෂක ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරිමට ඊයේ රැස්වු එම පක්ෂයේ රැස්විමේදී තිරණය වුවත් ඊට අකමැති විශාල පිරිසක් සිටි බව එහි ප්‍රභලයෙකු සදහන් කලේය.
සමගි ජනබලවෙිගයේ ප්‍රධාන තනතුරක් හොබවන ජේෂ්ඨයෙකුගේ මතය වී ඇත්තේ අලියා ලකුණින එළෙබෙන මහමැතිවරණයට තරග කළ යුතු බවයි.
පාක්ෂිකයින්ට අලියා ලකුණ හැර වෙනත් ලකුණු සමිබන්ධයෙන් මතකයක් නොමැති බවත් නිමාවු ජනාධිපතිවරණයේදී දුරකථනය සලකුණට රැවටි කැල්කියුලේටරයට ජන්දය ප්‍රකාශ කළ පිරිසෙන් එය මනාව පැහැදිලිවන බව හෙතම සදහන් කලේය.
ඒ අනුව එජාපය සමග සමිබන්ධවී මැතිවරණයට තරග කිරිමට පක්ෂ නායකයින් අකමැති වුනහොත් සමගි ජනබලවෙිගයේ විශාල පිරිසක් පක්ෂය අතහැර සිය පැරණි පක්ෂය සමග එක්වන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *