මධ්‍යම පළාත් සභාවෙි නම කැත කළ ආණ්ඩුකර

මධ්‍යම පලාත් සභාවේ ප්‍රධාන ලේකම් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රවාහණ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් වරිය ඇතුලු දූෂිත නිලධාරි මාෆියාව මධ්‍යම පලාත් සභාවේ ජනතා බදු මුදල් සහ වාහන අවභාවිතා කරද්දී ආණ්ඩුකාර වරයා එම දූෂිත නිලධාරින් රකිමින් සිටින බවට මධ්‍යම පලාත් සභාවේ මහජන දේපල සුරැකීමේ සංවිධානය චෝදනා කරති.
මධ්‍යම පලාත් සභාවේ ඇතැම් අමාත්‍යාංශ ලේකම් වරු ලිංගික අල්ලස් වලට නම් දැරූ අයවලුන් අතර ඔවුනට ලිංගික අල්ලස් නොදී නිසි කලට උසස් වීම් වැටුප් වර්ධක ලබා ගැනීම් සහ දුෂ්කර සේවා ගුරුමාරුවීම් කර ගැනීම අපහසු බව බොහෝ දෙනා පවසති.
පලාත් අධ්‍යාපන ලේකම් විවිධ අයථා ක්‍රම ඔස්සේ දූෂිත ගනුදෙනු වලට යොමුවී තමන්ගේ මඩිය තර කර ගන්නා අතර පලාත් ආණ්ඩුකාර වරයා මධ්‍යම පලාතේ පාසැල්වලට ළමුන් ඇතුලත් කර කප් ගසා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා වැටුපට අමතරව ලක්ෂ තුනක පමණ අයථා ලෙස දීමනා ලබාගන්නේ ඒවා රජයේ බදු වලට හසු නොවන කූඨ ආකාරයට බවද පලාත් සභාවේ ගිණුම් අංශයේ විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මධ්‍යම පලාත් සභාවේ ජනතා බදු මුදල් අයථාලෙස වැය කිරීම් සමිබන්ධ විගණන පරීක්ෂණ වාර්තා පවා පලාත් ආණ්ඩුකාර වරයා සහ පලාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු ලේකම් වරියන් කූඨ ලෙස වසන් කිරීමට පියවර ගත්තද ජාතික විගණන ලේකම් නාර්යාලය මගින් ඒ සියලු අයථා ගනදෙනු ,වාහන අතුරුදහන් කිරීම් හෙළිකරද්දී මධ්‍යම පලාත් සභාවෙි ලේකම් වරු ගලේ පහරපු හොර බළලුන් සේ සිටින බව ජනතාව පවසති.
කොල ටයි නිල්ටයි මාරුකර විවිධ පක්ෂ වලට ගැතිකම් දැක්වූ මධ්‍යම පලාත් සභාවේ දූෂිත ලේකම්වරු දැන් දැන් වෙනසක් අවැසි බව පවසමින් හැසිරෙති.
මධ්‍යම පලාත් සභාවේ රජය සතු වාහන රැසක් අතුරු දහන් වීමේ සිද්ධියට වගකිව යුතු මධ්‍යම පලාත් ආණඩුකාර වරයා සහ පලාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු එම තොරතුරු එළියට එද්දී කිසිත් නොදන්නා ලෙස නිහඬව සිටිති. අධ්‍යාපනයේ දූෂිත නිලධාරින්ගෙන් සහ දූෂිත විදුහල්පති වරුන්ගෙන් සන්තෝෂම් ලබාගෙන දූෂණ චෝදනා ඇති අමාත්‍යාංශ ලේකම්වරු විදුහල්පති වරු සහ නිලධාරින් නිලධාරිනියන් රකින මධ්‍යම පලාත් සභවෙි වගකිව යුතු ප්‍රධානින් ,එම අයථා ගනුදෙනු සහ අක්‍රමිකතා මෙන්ම අයතා ගෙවීම් හෙළිවන විට ඒවා වෙනත් නිලධාරින් පිට පටවා ඇඟ බේරා ගන්නා නිලධාරින්ද මධ්‍යම පලාත් සභාවේ අරක් ගෙන සිටිතැයි දූෂණ චෝදනා විමර්ශණ ඒකක පවසයි. පලාත් සභාවේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරු සිදුකරන විවිධ වංචනික ක්‍රියාවන් යට ගැසීම සඳහා පලාත් සභවේ සේවකයන් සහ පලාත් ආණ්ඩුකාර වරයාද කටයුතු කරන බවට පලාත් සභාවේ සේවකයන් පවසයි.
ආණ්ඩුකාරයාගේ හොර වැඩ වලට උදව් දුන් දූෂිත ලේකම්වරු හා නිලධාරින්ට රජයේ මුදලින් පාටි දමා(24) ආණ්ඩුකාරයා පැදුරටත් නොකියා ගාලු බලා ගියා බව වාර්ථාවෙි.
මාධ්‍ය තදබල ලෙස විවේචනය කර ඇති දූෂිත නිලධාරින් හා ආණ්ඩුකාරවරයා තම දූෂණ හා අයතා පත්වීම් ලබාදීම හෙලිදරව් කල මාධ්‍යවේදීන්ටද බැණ වැදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *