කුරුනෑගල ස්පා වලින් මාසකට 75000 බැගින් එකතු කරන උප පොලිස් පරික්ෂක සිරිල්

කුරුණෑගල කොඨ්ඨාශ බුද්ධි එකකයට අනුයක්තව සිට එට විසුරුවා හැරිය පසු කුරුනෑගල මුලස්ථාන පොලිසියට අනුයක්තව සේවය කරන සිරිල් නැමැති උප පොලිස් පරික්ෂකවරයා ප්‍රදේශයේ ඇති සම්බාහන (ස්පා) ආයතනවලින් මාසිකව රුපියල් හැත්තැ පන්දහස බැගින් එකතු කර මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ලබා දෙන බව වාර්තාවෙි.
මේවන විට එහි අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කරන අතර ඔහු රාජකාරි වේලාවන්ට එම ස්පා ආයතනවලට ගොස් එහි සේවය කරවන කාන්තාවන් බිය කර අයිතිකරුවන්ට බලපෑමි කර එම මුදල් හා කාන්තා පහස ලබා ගන්නා බව සදහන් වෙි.
වයඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්චකීකරු ගෝලයෙකු වන මෙම සිරිල් නැමැති උප පොලිස් පරික්ෂක වරයා එම උසස් නිලධාරින්ගේ බලය පෙන්වමින් ආදාළ මුදල් එකත් කරයි.
කුරුනෑගල මුලස්ථාන පොලීස් බල ප්‍රදේශයේ පිහිටි ස්පා ආයතන තිහකට ආසන් ප්‍රමාණයකින් රුපියල් හැතෑපන්දහස බැගින් එකතු කරන්නේ තමන් බුද්ධි අංශයේ සේවය කරන බව හගවමිණි.
මේ වන විට අධිකරණ නියෝගයට අනිවාර්ය්‍ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිනවීම සඳහා ගිරිඋල්ල නගරයේ පොසොන් උත්සවයට පැවැති බනිස් දන්සල සඳහා ලක්ෂ ගණනාවක මුදල් එකතු කිරීමේ කුරුණෑගල නියෝජිතයකු වශයෙන් කටයුතු කළේද මෙම නිළධාරියා බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *