මනූෂ ගහපු ගැහිලි අහුවෙලා යළි සජබයට පනින්න යයි

මන්ත්‍රී ධූරය අහිමිවූ මනූෂ නානායක්කාර හා ඔහුගේ මාධ්‍ය ලේකම් සංජය නල්ලප්පෙරුම යන දෙදෙනා විසින් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයේ ඩිජිටල් කටයුතු වෙනුවෙන් වෙන්කළ මුදල් කොල්ල කෑමේ තොරතුරු හෙළිවීමත් සමඟ මනූෂ යළි සජබයට එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

රනිල්ගේ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටින කොළු නඩයක් විසින් මේ තොරතුරු ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරාට ලබාදීමෙන් පසුව ඔහු විසින් සාගල රත්නායක හා රනිල් වික්‍රමසිංහට දැනුවත් කිරීමෙන් පසුව මේ තත්ත්වය මතුව තිබේ.

රනිල්ගේ ප්‍රචාරණ කටයුතුවලින් සොරකම්කරණ ලද මුදල්වලින් මනූෂගේ හිටපු බිරිඳට මහල් නිවාසයකින් නිවසක්ද මිලදී ගෙන තිබේ.

කලකට පෙර කොළඹ බෝඩිං කාමරයක කුලිය හෝ ගෙවා ගැනීමට නොහැකි වූ මනූෂගේ මාධ්‍ය ලේකම් මෑතකදී ගාල්ලේ ඉදිකර ඇති නිවසේ වටිනාකම කෝටි 4කට වැඩි බවද තොරතුරු ලබාදුන් රනිල්ගේ ප්‍රචාරක අංශයේ පිරිස් රොනල්ඩ්ට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ අතර, නල්ලප්පෙරුම විසින් හිටපු ජනපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති මාධ්‍ය අංශයට බඳවාගෙන සිටි Hamza Haniffa නැමැත්තාට අයත් Imaginary Digital Solutions නැමැති ආයතනයට ජාතික ජනබලවේගයට මඩ ගැසීම සඳහා රුපියල් ලක්ෂ 60ක් ලබාදී ඉන්ද 15% කොමිස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි පැවසේ. (Bro – බ්රෝ වෙබ් පිටුව පත්වාගෙන යනු ලබන්නේ අදාල සමාගම විසිනි)

පහත දැක්වෙන්නේ එලෙස ජාතික ජනබලවේගයට මඩ ගැසීමට යොදාගන්නා ලද පොස්ටුවකි.
මනූෂ හා නල්ලප්පෙරුම කලක සිටම ලංකාවේ ප්‍රධාන හා ජනප්‍රිය වෙබ් අඩවි, යූටියුබ් හා ෆේස්බුක් පිටු කිහිපයක් සඳහා දැන්වීම් ලබාදී ඒවාට මුදල් ගෙවීම පැහැර හැරීම නිසා රනිල්ගේ පුලුවන් දැන්වීම අදාල වෙබ් අඩවිවල පල කිරීම මේවන විට ප්‍රතික්ෂේප කර තිබීමද විශේෂ සිද්ධියකි.

මේ තත්ත්වය නිසා මනූෂ එවැනි ප්‍රධාන හා ජනප්‍රිය වෙබ් අඩවි, යූටියුබ් හා ෆේස්බුක් පිටු සඳහා නොගසා සිටීමට මුදල් දුන් බවට රනිල්ගේ කැම්පේන් මැනේජර්ට කියන ලද මුසාවාදයද අහුවී වීම රනිල්ගේ මැතිවරණ ප්‍රචාරණ මධ්‍යස්ථානයට පයගැසීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද රනිල්ගේ මෙහෙයුම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නල්ලප්පෙරුමට අයත් බව කියන Target Media හා Hamza Haniffa නැමැත්තාට අයත් Imaginary Digital Solutions දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නැති බදු නොගෙවන ආයතන බවද හෙළිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *