රංගේ ගේ අනියම් බිරිදගේ දේපළකට සිදුවු හානියකට දේශපාලන පිළිගැනිමි කියා රුපියල් ලක්ෂ 110ක් අද ගෙවන්න හදයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා සමගි ජනබල වේගය සමග එක්විමට සැලසුම් කිරිමත් සමග එය නවතා දැමිම සදහා 2016 දී සිදුවුවි යයි කියන ඔහුට අයත් නැති දේපලක්ට දේශපාලන සිදුවු හානියක් බව හගවා රුපියල් ලක්ෂ එකසිය දහයක් ගෙවිමට අද දින දේශපාලන පළිගැනිම් හේතුවෙන් සිදුවු දේපළ සදහා වන්දි ගෙවන කමිටුව රැස්වී අදාළ මුදල ගෙවිමට නිර්දේශ කිරිමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංච් මාර්ග සදහන් කරයි.
මෙහි මුලික කටයුතු ජනාධිපති ලේකම් හා එම කමිටුවේ ප්‍රධානි මහේෂ් ගම්මන්පිල විසින් සිදු කරන අතර රාජ්‍ය පරිපාලන නිළධාරි සංගමයේ ප්‍රධානියා වන ගම්මන්පිලගේ මිළග ඉලක්කයවී ඇත්තේ ආදාළ අනුමැතිය ලබාදී අමාත්‍යංශ ලේකම් ධුරයක් ලබා ගැනිම බව වාර්ථාවෙි.
2023 මාර්තු 8 දින ඉදිරිපත් කරන ලද දේශපාලන හානි සදහාවු වන්දි ගෙවිමේ කැබිනට් පත්‍රිකාවට ඉල්ලිම් 164 ක් ලැබි ඇති අතර ඉන් 73 කට වන්දි ගෙවා තිබෙි. ඉතිරිවු ඉල්ලුම් 91 න් 34ක් තෝරා ඉන්ද 17 ක් සලකා බැලිමට කැබිනට් මණ්ඩලයට පසු ගිය අප්‍රේල් 01 දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
මුදල් , අධිකරණ , හාණිපුර්ණ , තක්සේරු හා රාජ්‍ය පරිපාලන යන ආයතන පහේ කමිටුවකින් සැදුමි ලත් නියෝජිතයින්ගේන් මෙම නිර්දේශය ලබා දී ඇත.මෙම අදාළ කැඉිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබිරි මහතා විසිණි.
එහි 2016 මාර්තු 16 දින මාදම්පේ පිහිටි දේපලකට සිදුවු හානියක් සමිබන්ධයෙන් ආර් බී පාලිත රංගේ බංඩාර අයදුමක් ඉදිරිපත් කර ඇත. එහෙත් එම අලාහාභානිය පසුගිය අරගල සමයේ සිදු වුවක් නොවන අතර එම දේපළ රාංගේ බංඩාරගේ අනියම් බිරිද යෝදින්ගේ ගීතා බර්නාදෙත් විජේලතාට හිමි බව සදහන් වෙි . ඇය මේවන විට දකුණු කොරියාවෙි සිටින අතර ඇයට හා රංගේ බංඩාරට තරුෂි දිව්‍යා රංගේ බංඩාර නම් වු දියනියක්ද සිටියි. ඇයට බලපෑම් කර ලිපියක් ලබා ගෙන ඇති අතර එහිදී ඇය දන්වා ඇත්තේ ආදාළ මුදල දියණියට ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් එම දියණියත් මෙිවන විට විදේශ රටක සිටින බව වාර්ථාවෙි.
කෙසේ වෙතත් 2016 සිදුවු හානියට තක්සේරු පරත්පා චාර්ටට් වැලුයුවේෂන් සමාගම හරහා ලබා ගෙන ඇත්තේ පසුගිය මාර්තු 16 වෙනි දිනය .
අවසානයේ රංගේ බංඩාරගේ ඇති ආණ්ඩුබලය උපයෝගිකර ගෙන ඇයට බලපෑමි කර දිවුරුම් ප්‍රකාශයක් ලබා ගෙන ආදාල හානිපුරුණ ගෙවිම් කම්ටුවට ඉදිරිපත් කර ඇති අතර එහි සදහන් වන්නේ ඇයගේ දියනිය වන තරුෂි දිව්‍යාට ආදාල මුදල ගෙවන ලෙසටය.
එහෙත් ආදාළ දියණිය එම වන්දි මුදල් ඉල්ලා නොමැති තැන කමිටුව ලහි ලහියේ ජන්දයට පෙර නිතීපති දෙපාර්තමෙන්තුවට කරුණු සගවා අනුමැතිය ලබා ගෙන ඇති අතර නිතීපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත්තේ දියණියට මුදල් ගෙවන ලෙසටයි.ඒ ුනුව අද කඩිනමින් කසිටුව රැසිවී ආදාල මුදල ගෙවිමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *