අසාධුගත මැලේසියානු සමාගමකට විදේශ සේවා කාර්යාංශයේ දත්ත පද්ධතිය ඩිජිටල් කරණය දිමෙි සැලසුමක්

හිටපු අමාත්‍යවරයෙකුගේ උවමනාව මත අසාධුගත මැලේසියානු සමාගමකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පද්ධතිය ඩිජිටල් කරණය සඳහා වසර 15කට පැවරීමට හදිසියේ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වීම සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය දැඩි විරෝධයක් එල්ල කර ඇත.
අසාධු ගත මැලේසියානු සමාගමකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු දත්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට ලහි ලහියේ කටයුතු යොදා ඇත්තේ නීතිපතිවරයා හා මුදල් අමාත්‍යංශය ලබා දුන් කොන්දේසි වලට පටහැනිව බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මැලේසියානු සමාගමට මෙම කටයුතු පැවරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ නීතිපතිවරයා හා මුදල් අමාත්‍යාංශය ලබාදුන් කොන්දේසි වලට අනුව සංශෝධනය කර ගිවිසුම් අත්සන් කරන ලෙසය.
කෙසේ වෙතත් නීතිපති හා මුදල් අමාත්‍යංශ දුන් නියෝග අනුව කිසිදු සංශෝධනයක් නොකර රටට අවාසිදායක හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් මෙම ගිවිසුම හදිසියේම අත්සන් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා බ්‍රහස්පතින්දා දිනයේ(12)ඉහළ කළමනාකරිත්වය රැස්වීමක් හදිසියේම කැඳවා ඇතැයි අනාවරණය වේ.
මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව වගකිවයුතු නිලධාරීන් රටින් පිටවීම සඳහා දැනටමත් වීසා ලබාගෙන ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමරිකානු ඩොලර් මිලියන 400 ගනුදෙනුවක් ලෙස මැලේසියානු සමාගමට මෙරට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සියලු දත්ත පැවරීමෙන් මෙරට ඇති රහසිගත තොරතුරු සියල්ල වලට යන බවද හෙළි වී ඇත.
මෙම සමාගම සමග ගිවිසුම් ගත වීමෙන් පසු ගිවිසුමේ කොන්දේසි කඩ කරහොත් ගනුදෙනුව මෙන් නව ගුණයක් මැලේසියානු සමාගමට ගෙවීමට වෙන කොන්දේසියක්ද ගිවිසුමේ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරිත්වය මෙන්ම සේවකයන්ගේ දැඩි විරෝධය මැද ගිවිසුම සඳහා මැලේසියානු සමාගම තෝරාගෙන ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා උල්ලංඝනය කරමින් බව අනාවරණය වේ.ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයකු සහභාගී නොකර ගෙන ඇතැයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *