ජනකගේ හිතවත් ව්‍යාපාරිකයා මාලිමාවෙි රැළිය බලන්න ගියාට තදවෙි

දිර්ඝ කාලයක සිට හිටපු අමාත්‍ය ජනක බංඩාර තෙන්නකොන් මහතාට හිතවත්ව සිටි දඹුල්ල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් මෙවර ජනාධිපතිවරණයේදී මාලිමාවට සහය පළකිරිමට ගෙන ඇති තිරණයත් සමග හිටපු ඇමතිවරයාට මහාදටම කේන්ති ගොස් තිබෙි.
පෙරේදා මාතලේ පැවති එම පක්ෂයේ රැස්විම නැරබිමට එම ව්‍යාපාරිකයා ගොස් ඇත.
හිටපු ඇමතිවරයාත් එම රැස්විම යුටියුබි නාලිකාව ඔස්සේ නරබමින් සිට ඇති අතර තම හිතවත් ව්‍යාපාරිකයා රැස්විම් භූම්යේ ඉදිරිපස ඇති පුටුවකට බර වී මාලිමාවෙි නායක අනුර කුමාර දිසානායකගේ කථාව නරබමින් සිටින බව සජීවී රූප රාමුවලින් දැක ඇත.
වහාම තෙන්නකෝන් මහතා ව්‍යාපාරිකාගේ දුරකථනයට දිගටම ඇමතුම් ගැනිමට පටන් ගෙන ඇති අතර එහෙත් ව්‍යාපාරිකයා ඊට ප්‍රතිචාර දක්වා නොමැත. බැරිම තැන දුරකථනයට පතිචාර දක්වනවාත් සමගම මේ මොහොතේ සිටින්නේ කොහෙද යන්න විමසා තිබෙි.ව්‍යාපාරිකයාට පිළිතුරු ලබා දිමට මත්තෙන්ම හිටපු ඇමතිවරයා ව්‍යාපාරිකයාට දොස්පැවරිම ආරම්භ කරනවාත් සමග ” ඇයි ඔයාට විතරද පක්ෂ මාරුකරන්න හොද , ගෙය ගිනි ගත් වෙලාවෙි මිලියන පහක් දුන්නා ,අසනිප වෙලා ඉදිද්දි මිලියනදෙකක් දුන්නා .ඔයා මොනවද අපට කරලා තියෙන්නේ” කියනවාත් සමග හියපු ඇමතිවරයා දුරකථනය විසන්ධික කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *