ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිළධාරින් කිහිප දෙනෙකු එකතුවී කරන ගිනි අවි ජාවාරමෙන් කෝට් ගණනක් උපයයි

අරගලයට මුවා වෙමින් විවිධ තරාතිරම්වන පුද්ගලයින්ට තර්ජන ඇති බව පවසා බලපත්‍ර සහිතව ගිනි අවි අලෙවි කිරිමේ ජාවාරමක් පිළීබදව  තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්ථාවෙි.

ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිළධාරින් කිහිප දෙනෙකු එකතුවී මේසේ පිස්තෝල හා රිපිටර් ගිනි අවි සදහා බලපත්‍ර ලබා දි එවා ආනයනය කිරිම සදහා තමන්ට හිතවත් සමාගමි දෙකකට පමණක් බලපත්‍ර ලබාදී එමගින් අතයට මුදලක් ලබා ගන්නා බව එහි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

මිට පෙර මෙම ගිනි අවි ආනයනය සදහා අවසර ලබා දී තිබුණේ නාවික හමුදාවට අයත්  CEFAP නැමැති ආයතයකට වන අතර අමාත්‍යංශයේ ඉහළ නිළදාරින්ට හිතවත් කොස්මික් නැමැති ආයතනයට පමණක් මෙම ගිනි අවි ආනයනයට අවසර ලබාදී එවා මෙරටට ආනයනය කිරිමෙන් පසුව වැලිසර නාවික හමුදා කදවුරට ප්‍රවාහනය කිරිමට පමණක් නාවික හමුදාවෙි සහය ලබා ගනියි.

ඩොලර් ඇති සමාගම්වලට ගිනි අවි ආනයනයට අවසර දෙන මුවාවෙන් අන් කිසිදු ආයතනයකට ටෙන්ඩර් සදහා ඉදිරිපත් විමට ඉඩ නොතබා ආදාළ සමාගම් සදහා පමණක් ඒ අවසරය ලබාදී ඇත.

ඒ අනුව පසුගිය කාල සිමාවෙි පමණක් පිස්තොල හා රිපිටර් තුවක්කු දහසකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබෙි. එසේ ආනයනය කළ ගිනි අවි දේශපාලඥයන්ගේ හිතිවතුන්ට , ව්‍යපාරිකයින්ට අලෙවි කර ඇති අතර ඒ අනුව පිස්තෝලයක් රුපියල් ලක්ෂ  15-20 අතර මුදලකටත්,රිපිටරයක් රුපියල් ලක්ෂ 3-4 අතර මුදලකට අලෙවි කර ඇති බව සදහන්වේ.

එසේ අලෙවි කරන අවියකින් අමාත්‍යංශයේ ඉහළ නිළදාරියෙකුට පමණක් රුපියල් ලක්ෂයක් ලබා දිම අනිවාර්ය්‍ය කර තිබෙි. ඒසේ ගිනි අවි ලබා ගන්නා අයෙකුට පොලිස් විශ්ෂ කාර්ය්‍ය බලකාය මගින් කලුතර කටුකුරුන්දේදි විශේෂ පුහුණුවක්ද ලබා දෙන බව පිවසේ.එසේ ලබා දෙන්නනේ මෙම සමාගම අනායනය කළ උණ්ඩ පනස් දහස අවසන් කර තවත් තොගයක් ආනයනයට බව සදහන්වේ.

මේ ආකාරයට මිට සති කිහිපයකට ඉහතදි COSMIC TECHNOLOGIES නැමැති ආයතනය  ආනයනය කළ රිපිටර් 500 මෙි දිනවල ලහිලහියේ අලෙවි කිරිමට ආරක්ෂක අමාත්‍යංශයේ එම නිළධාරින් දෙදෙනා කටයතු කරමින් සිටින බව වාර්ථාවෙි.මිට අමතරව තවත් පිස්තෝල 200ක් මේ සතියේ ආනයනය කිරිමට නියමිත බව වාර්ථාවෙි.මෙම සමාගම හරහා යුදහමුදාව සතු පතොම් තොගයක් යුක්ක්‍රෙණයට අලෙවි කිරිමට ඉහත නිලධාරින් දෙනෙෙ සැලසුම් කළේද මෙම සමාගම හරහාය.

මිට අමතරව හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකුගේ සහයෙන් කරගෙන යන  සිකුරෙටෙක් (SECURATEC)නැමැති සමාගමටද පිස්තෝල සියයක් මිට පෙර ආනයනය කිරිමටඅවස්ථාව ලබාදී ඇති අතර ගොක්  නැමැති වර්ගයේ පිසිතෝල එසේ  ආනයනය  කර බව වාර්ථාවෙි.

ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරේ තබා ඇති එම  අවි මැතිවරණය අවසන් විමට පෙර අලෙව් කිරිමේ මෙහෙයුමක් මේ දිනවල ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිළදාරින්ගේ ප්‍රමුඛ කාර්ය්‍යවී ඇති බව සදහන්වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම රිපිටර් නිකුත් කිරිමට තිරණය කිරිමත් සමග මන්ත්‍රිවරුන් 215 දෙනෙකු මිට පෙර ඔවුන්ට ලබා දි තිබි පිස්තෝලයට අමතරව රිපිටර් තුවක්කුද ලබා ගෙන ඇති අතර එවා සිය දුර කාලය අවසන් වු පසුවද ඔවුන්ට සන්තකයේ තබා ගත හැකි බව සදහන්වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *