කිරිඇල්ලලට අගමැතිකම දෙන බව කිමත් සමග තිස්සට හා යපාට මලපණී

මහනුවර සජබේ දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර පැවති සජිත් දිනවීමේ රැස්වීමේදී මුතාලිබ් නැමති හිටපු පලාත් සභා මන්ත්‍රීවරයාට බැණ වදිමින් ඔහුට රැස්වීම් වේදිකාවට නොපැමිණෙන ලෙස තර්ජනය කරමින් හැසිරීම නිසා සජබෙට එකතුවූ මධ්‍යම පලාතේ දේශපාලනඥයන් රැසකට කිරිඇල්ල සහ ඔහුගේ දියණිය තිත්තවූ බව බොහෝ දෙනා පැවසූහ.
කිරිඇල්ලගේ දියණිය සජබේ වේදිකාවෙි කතා කිරීමට සූදානම් වූ අවස්ථාවේ රතිඤ්ඤා පුපුරුවා හැරීමත් සමග නුවර නගරයේ ජනතාව භීතීයෙන් ඇලලී ගිය අතර මුලු නගරයම මහා දුමාරයකින් වැසී ගියේය.මහජනතාව මෙය මහා විකාරයක් යයි කියද්දී රතිඤ්ඤා පිපිරීමෙන් එම ස්ථානයේ රාජකාරිය සඳහා රාගල ,කීර්තිබණ්ඩාරපුර සහ හයිෆොරස්ට් පෙදෙස් වලින් ගෙන්වා සිටි පොලිස් නිලධාරින් හත් දනෙක් සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු පිළිස්සීම් තුවාළ ලබා රෝහල කරා ගෙන ගියේය.
රැස්වීමේ කතා කල කිසිදු කථිකයෙක් සිද්ධියට කණගාටුව පල නොකළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල සජබ ආණ්ඩුවේ අගමැති කමට පත්කල යුතු බව මෙහිදී හේෂා විතානගේ සජිත් ඉදිරියේදීම කියද්දී තිස්ස අත්තනායක ,වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරු මුහුණු ඇඹුල් කරගත්හ.
ලක්ෂ්මන් කිරිඇල්ල සංවිධානය කල මෙම රැස්වීමේදී වසන්ත යාපා බණ්ඩාර ට කතා කිරීමට අවස්ථාවක් නොදී ඔහු කපා හැර ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධූරයක් හෝ හොබවා නැති නුවර සජබේ චන්ද දායකයන් රහසින් බණින චමින්ද්‍රානි කිරිඇල්ලට පමණක් කතාවක් ලබාදීමට ලක්ෂ්මන් කිරිඇල්ල සූක්ෂමව කටයුතු කර තිබිණි.සජබේ ජයග්‍රහණයට එක්වූ පොහොට්ටු එජාප ශ්‍රීලනීප ප්‍රාදේශීය දේශපාලනඥයන්ට කතා නොදී කිරිඇල්ල ඔවුන්වද කපා හැර තිබිණි.
අගමැති කම සෙංකඩගල පුරවරයට හිමිවිය යුතු බව සජිත් වේදිකාවේ සිටියදී හේෂා කියද්දී සජිත් කට කොණකින් හිනාවිය.
සජබෙට වෙනත් පක්ෂ වලින් ඉවත්වී සම්බන්ධ වූවන් ලක්ෂ්මන් කිරිඇල්ල දියණිය ප්‍රමෝට් කරන බව රැස්වීම් බිමේදීම කියනු අසන්නට ලැබිණි.
සජබේ ආණ්ඩුවේ අගමැති වීමේ සිහිනය දකින ලක්ෂ්මන් කිරිඇල්ලට කෙලින් හිටගෙන ඉන්නටවත් බැරි යැයි සජබේ ක්‍රියාකාරීන් පැවසූහ.
මුතාලිබ් හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී වරයාට ලක්ෂ්මන් කිිරිඇල්ල මන්ත්‍රී වරයා ප්‍රසිද්ධියේ බැණ වැදීම ගැන සජබේ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අප්‍රසාදයටද එය හේතු විය.
දේශපාලනඥයන්ගේ රැස්වීම් වලට ආරක්ෂාව දෙන්නට පැමිණ රාජකාරී කරමින් සිටියදී දේශපාලනඥයන් චූන් කිරීමට පුපුරවා හැරිය රතිඤ්ඤා වලට පිළිස්සුණු අසරණ පොලිස් නිලධාරින්ට වතුර බෝතලයක් දෙන්නට රෝහලට යන්නට කෙනෙක් සිටියේ නැත.සියල්ලෝ කපටි දූෂිත පක්ෂ මාරුකර කර එහෙට මෙහෙට පැන්න ගෙඹි දේශපාලකයන්ට හුරේ දමමින් සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *