සජිත්ගේ නුවර රැළියට උඩුනුවරින් පාක්ෂිකයින්ට රැගෙනවිත් ඇත්තේ බඩුමලු දෙන බව පවසා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකගේ නුවර පැවති(9) ජන රැළියට උඩුනුවර මැතිවරණ කොට්ඨාශයෙන් බස් තුනක ජනතාව රැගෙන විත් තිබුණේ එම ජනතාවට වියළි ආහාර මල්ලක් ලබාදෙන බව පවසා වුවත් රැස්වීම අවසානයේ ඔවුනට බනිස් එකක්වත් නැතිව හිස් අතින් ආපසු නිවෙස් කරා යාමට සිදුවු බව වාර්ථාවෙි.
තමන්ට වූ පොරොන්දුව ඉටු නොකිරීම නිසා දැඩි කෝපයට පත්වූ පිරිස තමන්ට බඩුමලු දෙන බව පවසා තමන් රැවටීම පිළිබඳව සංවිධායකයන්ගේ දෙමව්පියන් සිහි කරමින් හිස් අතින්ම ගෙදර ගිය බව ඔවුන් සමග මහනුවර සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් පෙු්මදාසගේ ජය තහවුරු කිරීමට පැමිණි පිරිසේ කීප දෙනෙක් පැවසූහ.
බඩු මල්ලක් තියා වතුර බෝතලයක්වත් තමන්ට නොලැබුණු බව සජබේ මහනුවර ජන රැළියට උඩුනුවරින් ආ කීප දෙනෙකු පැවසූහ.
සංවිධායකයන් තමන්ව රැවටූ බවත් ඡන්දේ පැවැත්වෙන දවසට ඔවුනට හොඳ පිළිතුරක් දෙන බවත් රැළියට පැමිණි පිරිස් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *