වී එච් එෆ් ගණුදෙනුවට නොදැවෙනි පාස්පොර්ට් ටෙන්ඩරය

සැලසුම් කළ පරිදි ඊපාස් පොර්ට් ක්‍රමයට අනුගතවිමට නොහැකි විම නිසා ආගමන විගමන දෙපරේතමේන්තුව සතු විදේශ ගුවන් ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තරම්  නොමැති විම හේතුවෙන් ඇතිවු අර්බුදයත් සමග විශාල තදබලයක් නිර්මානය විම නිසා යළිත් ගුවන් ගමන් බලපත්‍ර ලක්ෂ පහක් ආනයනයට සැලසුම් කර පැරණි සමාගම සමග ඇතිවු ගැටලුවක් මත ඊ පාස්පොර්ට් සපයන ආයතනයටම ලබාදී ඇති බව වාර්ථාවෙි.

වසර විස්සක සිට ඉන්දියන් සමාගමකින් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගෙන ඇත්තේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බව වර්ථාවෙි.

එහෙත් ඇතිවු අර්බුදය හමුවේ එම පසමාගමෙන්ම තවත් තොගයක ලබා ගැනිමට සුදානම්වු මොහොතේ අදාළ සමාගමෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිළධාරියෙකු කොමිස් මුදලක් ඉල්ලිමත් සමග එය ලබා දිම අදාළ සමාගම ප්‍රතික්ෂේප කර ඇත. අවසානයේ ගුවන් ගමන් බලපත්‍ර කඩිනමින් ලබා ගැනිම ගැටලුව දුරදිග යාමට එය හේතුවී තිබෙි. අවසානයේ ඊ පාස්පොර්ට් සපයන Thales DIS Finland Oy නම් සමාගමට ලබා දි ඇති බව වාර්ථාවෙි.ඒ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරවය.

ඔවුන්ගේ දේශීය හවුල්කරු වන Just In Time Technologies (Pvt) Ltd සමඟ මෙම වසර මුලදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ePassport) සඳහා ටෙන්ඩරය දිනාගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *