රනිල්ගේ ප්‍රචාරක වැඩේ අවුල්  නිසා 12දා සිට රනිල්ම ගෙන් ගෙට යන්න හදයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවර ප්‍රචාරක වැඩ සටහන සාර්ථක නොවිම නිසා ලබන 12 දා සිට එහි සංවිධාන කටයුතු ඔහු විසින්ම මෙහෙයවිමට සැලසුම් කර තිබෙි.

ඒ අනුව රටපුරා ගෙන් ගෙට  ගොස් කුඩා ජනහමු පැවැත්විම මෙහි මුලික අරමුණ වි ඇත.

මෙම ප්‍රචාරක කටයතුවලදී එජාප නායකයින්ට වැඩි අවස්ථාවක් පොදුජන පෙරමුණේ සිට පැමිණ ජනාධිපතිවරයා ආක්‍රමනය කර සිටින මන්ත්‍රිවරුන් ලබා ගැනිම නිසා ඔවුන් දැඩි කළ කිරිමට ලක්ව ඇති බව සදහන් වෙි.මේවන විට ප්‍රධාන රැස්විම්වල සාගල රත්නායක මහතාට පමණක් කථා කිරිමට අවස්ථාවක් ලැබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාට සමහර අවස්ථාවල වෙිදිකාවල කථා කිරිමට අවස්ථාව  ලැබෙින බව සදහන්වේ. එහෙත් සෙසු එජාප නායකයින් වන රවී කරුණානායක, රුවන් විජේවර්ධන , අකිල කාර්යවසම් , පාලිත රංගේ බංඩාර වැනි අයට අවස්ථාව නොලැබෙන නිසා එජාප පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්විමිවලට සහභාගි නොවන බවට වාර්ථාවෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *