මහනුවර සජබේ හාඑජාප දේශපාළන කරණම්.රනිල් දිනවීමේ මහනුවර නියමුවා මහින්දානන්දට එජාප අකමැත්ත

මහනුවර දිස්ත්‍රික්කයේ  පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා, පළාත් පාලන  මන්ත්‍රිවරුන් දෙපිළට බෙදි රනිල්  වික්‍රමසිංහ මහතාට හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදා මහතාට සහය පළ කිරිමට කටයුතු කරමින් සිටිති

මහනුවර  මහ නගර සභාවේ හිටපු පුරපති  පොදුජන පෙරමුණේ  ක්‍රීයාකාරී සාමාජිකයෙකු වූ සේන දිසානායක,හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී වරුන් වූ තිළිණ තෙන්නකෝන්,කේෂලා ජයවර්ධන ,සුනිල් අමරතුංග  , පත්මලාල්ද අල්විස්, ලින්ටන් විජේසිංහ  යන මහත්වරුද  හිටපු නාගරික මන්ත්‍රී වරුන් වූ  එස් .විග්නේෂ්වරන්,සරත් විජේසිංහ, විපුල ලාල් රණසිංහ   වරුණ ලියනගේ     යන  දේශපාළනඥයන්  රැසක්  සමගි ජන බලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්    සහාය දැක්විමට තිරණ්‍ය කර ඇත.

රාජා උස්වැටකෙයියාව  ,ශාන්තිනී කෝන්ගහගේ ඉලාහි ආබ්දීන් ( හිටපු නියෝජ්‍ය පුරපති  එජාප) මහනුවර හිටපු පුරපති කේසර සේනානායක, (එජාප)    ,ජේ ඒ එම් ලාෆීර්( හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී)  ,මධ්‍යම පලාත් සභාවේ හිටපු විපක්ෂ නායක  චානක අයිලප්පෙරුම( එජාප) යන  දේශපාළනඥයන්  ,   හිටපු  අමාත්‍ය මහින්දානන්ද  අළුත්ගමගේ    යන  දේශපාළනඥයන්   ස්වාධීන  ජනාධිපති අපේක්ෂක  රනිල් වික්‍රමසිංහ  මහතාගේ   ජයග්‍රහණය  වෙනුවෙන්  සහාය  දැක්වීමට  ඉදිරිපත් වී සිටිති.

මධ්‍යම පලාත් සභාවේ හිටපු  පැරණිම දේශපාළනඥයෙකු මෙන්ම පැරණිම ශ්‍රීලනිප,පොදු ජන පෙරමුණු සාමාජිකයන්  වූ එම් ජී ජයරත්න ,ආර් ජී සමරනායක  යන අයවලුන්ද , සරත් පොන්සේකා මහතාගේ පක්ෂයෙන් දේශපාළනයට පිවිස මධ්‍යම පලාත් සභාවට තේරී පත්වූ හිටපු මධ්‍යම පලාත් මභා මන්ත්‍රී නීතීඥ  චන්න ගලප්පත්තිගේ  මහතාද  සමගිජන බලවේගයට  එක්වී  සජිත්  ප්‍රේමදාස මහතාගේ ජනාධිපති මැතිවරංණයට  සිය සහාය දක්වති.

මෙම තත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ  දේශපාළනය උඩු යටිකුරු වී ඇති බව ජනතාව පවසති.

හිටපු ප්‍රාදේශීය සභා සභාපති වරු සහ ප්‍රාදේශීය  සභා මන්ත්‍රී වරු රැසක්ම  සජබෙට  සහ එජාපයට  එක්ව  දේශපාළන  කටයුතු වල යෙදී සිටිති.

දේශපාළන පක්ෂ මාරු කර එහෙට මෙහෙට පැනීම්  වාර්තා නොවුනු  පක්ෂය ජාතික ජන බලවේගය  පක්ෂය වන අතර  රනිල් වික්‍රමසිංහගේ ජනපති මැතිවරණ සටන මහනුවර දිස්ත්‍රික්කයේ මෙහෙයවන පොදුජන පෙරමුණේ  ක්‍රියාකාරීකයෙකු වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ වරයාට බොහෝ එජාප ක්‍රියාකාරීන්ගේ  අප්‍රසාදය එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *