වාරයේ සේවකයින් විකුණා ගෙන කන ඇමති නිමල්

නැගෙනහිර බහලුම් පර්යන්තය විකුණා දැමිමට එරෙහිව වරාය සේවකයින් දැක්වු විරෝධතාව හේතුවෙන් එය නවතුනද මේවනවිට එහි කටයුතු අඩපණ කිරිමට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරමින් සිටින බව වරාය අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

එම එකකයේ වරය සේවකයින් ඉවත් කර මෑන් පවර් ආයතනයක් මගින් කිසිදු සුදුසුකමක් නොමැති සේවකයින් බදවා ගෙන ඔවුන්ට ඉතා සුලු වැටුපක් ගෙවා එයින්ද සිය ආදායම් මාර්ගයක් බවට පත්කර ගෙන ඇත.

 නැගෙනහිර බහලු පර්යන්තයේ වරාය අධිකාරයේ සේවකයින්ගේ දායකත්වය  ලබා ගන්නේ කාර්යභාර නිලධාරී හා සහකාර අධිකාරී හා පර්යන්ත කළමනාකරුන්ගේ   පමණි.

 MIT නැමැති මෑන්පව ආයතන බදවාගන්නා ලද සේවකයින් හට නිසි වැටුපක් නොගැවෙන අතර epf etf ද ලබා නොදි   කම්කරු නීතියට පටහැනිව කටයුතු කරයි.තවද slpmc වරාය අධිකාරියේ කම්පැනිය විසින් MITආයතනයට ඔවුන් ලබාදෙන සේවයට සියයට පහළොවක ගෙවීම් කටයුතු කරන අතර මෑන්පව ආයතන බඳවා ගන්නා ලද සියලුම සේවකයන්ට  MIT නිසි වැටුප නොගෙවන බව වාර්ථා වෙි.

 තවද නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු කරන ග්‍රැන්ථි දුඹකර ක්‍රියාකරුවන් සඳහා නිත්‍යානුකූල වැටුප් ලේඛණයක්  නොමැතිව ලියුම් කවරයක දමා වැටුප ගෙවාදමයි.

නැගෙනහිර බහලු පර්යන්තයට මිලියන  ගණනක් වටින දොඹකර ගෙනාවේ productivity එක වැඩිකර ආදායම වැඩි කර ගැනීමට නමුදු අදානේ ටර්මයල් එක ඉදිවන තෙක් කල් මරමින් සිටින බව සදහන්වේ.

 ඉහත පර්යන්තය ඉදිවිමෙන් පසු  නැගෙනහිර බහලු පර්යන්තය කටයුතු අඩපණ විම වැලැක්විය නොහැකි බව සේවකයෝ පවසති.

මේ අතර දැනටත් පර්යන්තයේ වැඩ කටයුත සදහා අවශ්‍ය වාහන  අධිකාරයේ  නොමැතිව හැම ඇමතිවරයාගේම වාහන  MITනැමති ආයතනය හරහා වාහන විසි එකක් දැනට එක්කර ඇත. ඒ අතර ටේලර්යන්ත්‍ර වරාය අධිකාරියෙන් අමුණා ඇති අතර සියලුම දත්ත ඇතුලත් කරන යන්ත්‍ර lxcමැෂින් වරාය අධිකාරියේ ප්‍රයිමර් වලින් ගලවා ඒවට අමුණා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *