මැතිවරණයෙන් පසු ඉන්ධන පෝලිම් ඇතිවන බවට දැන්විම් හැදිමට ගිය පිරිසක් කටුගස්තොට දී පළවා හරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාසි සහගත තත්වයක් ඇති කිරිම සදහා බොරු ඉන්ධන පෝලිම් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රිරෝද කරුවන් ඉන්ධන හල් ඉදිරිපිට කළහකාරීව සටන් පාඨ කියන ආකාරයට ව්‍යාජ දේශපාළන ප්‍රචාරක
රූපවාහීනී දැන්වීමක් රූගත කිරීමට සුදානම්වු පිරිසක් පළවා හැරිමට පොලිසිය කටයතු කළේය.
මිනිසුන් පිරිසක් ලොරියක පටවාගෙන කටුගස්තොට නගරය සමීපයේ ඉන්ධන හලකට පැමිණි කොට්ටාව ප්‍රදේශයේ පිරිසකට සහ දැන්වීමට රඟපෑම සඳහා රුපියල් 2500/= ක් සහ බත් පැකට් එකක් ලබා ගැනීමට පැමිණි පිරිසක් කටුගස්තොට පොලිසියෙන් පළවා හරිනු ලැබීය.
මෙම පිරිස රැගෙන ආ බොරු වීඩීයෝ දැන්වීම් හදන්නන්ද පළාගිය අතර එහි රඟපෑමට පැමිණි අසරණ මිනිසුන්ට මුදලුත් කෑම පැකට්ටුවත් නැතිව ,අවසානයේ සිය නිවෙස් කරා යාමට බස් ගාස්තුවත් නැතිව ගුරුදෙණිය ප්‍රදේශයේ අතරමං වන්නටද සිදුවිය.
ඊයේ මැතිවරණ විමර්ශණ නිලධාරින්ද එම ස්ථානයට පැමිණ තිබේ.දේශපාළන ප්‍රචාරක දැන්වීම හදන්නට කොන්ත්‍රාත්තුව බාර ගත් ආයතනයේ පුද්ගලයෙක්ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රචාරක දැන්වීමේ රඟපාන්නට පිරිස රැගෙන විත් ඇත්තේ මුදල් සහ දවල් ආහාරයද ලබාදෙන බවට පවසමිනි.
අවසානයේ මෙම පිරිසට මුදලුත් නැතිව කෑමත් නැතිව ගුරුදෙණිය ප්‍රදේශයේ අතරමංවන්නට සිදුවූයේ තමන්ට ගෙදර යන්න මුදල් ලබාදෙන පුද්ගලයා පැමිණෙන තෙක්ය.
මෙම ව්‍යාජ දේශපාළන ප්‍රචාරක වීඩියෝ පටයේ රඟපාන්නට ඇතැම් ත්‍රිරෝද රියදුරන් ගෙන්වාගෙන ඇත්තේ විදෙස් සංචාරකයන් රැගෙන යාමේ විශේෂ වැඩ සටහනකට කියමින් බවද එම අවස්ථාවට එක්වූ ත්‍රිරෝද රථ රියදුරන් කීප දෙනෙක් පැවසූහ.
මෙම දැන්වීම සකසන්නට කටයුතු යෙදුණේ ගෝඨාභය ජනාධිපති සමයේ ඇතිවූ ගෑස් පෝලිම් සහ ඉන්ධන පෝලිම් පෙන්වා ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට වාසි ලබා ගැනීමට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *