රේගුවේ කාර්යක්ෂමතාවය නිසා බහලුම් නිෂ්කාශනය ප්‍රමාද විමෙන් මහා පරිමාන ව්‍යාපාරිකයින්ගේ මල්ල කරේ

දින කිහිපයක සිට ශ්‍රී ලංකා රේගුව විසින්  බහලුම් නිෂ්කාශන කටයුතු ඉතා ප්‍රමාද කිරිමෙන් ආනයනකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් එම නිසා ප්‍රමාද ගාස්තු අධික ලෙස ගෙවීමට සිදුවීම තුළින් එය දැරීමට සිදුවන්නේ පාරිභෝගික ජනතාවට බවත්  ඔවුන් පෙන්වා දෙයි.

චීනයේ සිට භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවකු පෙන්වා දුන්නේ පසුගිය සති තුනක ප්‍රමාද කාලයක් සඳහා අතිරේක ගාස්තු ලෙස   කන්ටේනර් දහයකට පමණ ආසන්න ප්‍රමාණයකට මිලියන 16.9 ක් අතිරේක  ගාස්තු ගෙවූ බවයි.

මේ ගාස්තු ගෙවීමට සිදුවන්නේ රේගුවේ අකාර්යක්ෂමතාවය මිස වෙනත් කරුණක් නිසා නොවන බවද ඔහු විසින් දැඩිව ප්‍රකාශ කළේය. මේ වන විට වරාය තුළට යන කන්ටේන බහාලුම් රථයක් තම කන්ටේනරය පටවාගෙන එළියට ඒමටදින හතකට ආසන්න ප්‍රමාණයක් ගතවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. ඊයේ දිනයේ කන්ටේනර් රථයක් තුළ මියගිය කන්ටේනර් රථ රියදුරකු පිළිබඳව මියගිය බව දැනගන්නේ දින තුනකට පසුවයි.

ඔහු වරාය තුළ කන්ටේනරයේ පටවාගෙන Grayline නැමැති වරාය නිෂ්කාශනය කටයුතු කරන පෞද්ගලික සමාගම වෙත ළඟා වීමට පෝලිමේ සිටින අවස්ථාවේ හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බවත් එය දැනගන්නේ දින තුනකට පසුව බවත් වාර්තා වෙයි. එමගින්ම සනාථ වන්නේ ලොරි රථ එක තැන නවතා තැබීමට සිදුවන කාලය ගැනයි. කෙරවල පිටිය ගොඩනගා ඇති කන්ටේන දෙදහක් පමණ නිෂ්කාශනය කළ හැකි රේගු අංගනය අද වන විටත් භාවිතා නොකරන බවත් Grayline නැමැති පෞද්ගලික අංගනය පමණක් භාවිතා කර කන්ටේනර් 250 කට ආසන්න ප්‍රමාණයක් පමණක් දිනකට නිෂ්කාශන කටයුතු කිරීමත් එයද ශ්‍රී ලංකා රේගුවේ  මේ දිනවල පවතින සීතල යුද්ධයක් නිසා  ප්‍රමාද වන බවත් වර්ථාවෙි.

මේ සියලු දේ වලින්  අගතියට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බවත්  පාරිභෝගිකයාගේ භාණ්ඩ මිල ගණන්  ඉහල යාමට ශ්‍රී ලංකා රේගුවද වගකිවයුතු බවත් ඔවුන් පෙන්වා දෙයි. සමාගම් කිහිපයකට වාසි ලබාදීම සඳහා මෙම සියලු කටයුතු සිදු කරන බව ඔවුන් පෙන්වා දෙනවා. ධම්මික පෙරේරා වැනි ප්‍රධනෙ පෙළේ  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ තොග ශ්‍රී ලංකාව තුළ පවතින බවත් එම භාණ්ඩ තොග ඉහළ මිල ගණන් වලට විකුණා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ යම් පිරිසක් උත්සාහ ගන්නවා බවත් ඔවුන් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *