මාතලේ පොලිස් ලොක්කා නිතිය නවයි

සමගි ජනබලවේගයේ මාතලේ කාන්තා රැස්විමට කෑම බෙදු වාහනය සමිබන්ධයෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහාවු  ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් ෆැපරල් සංවිධානයට ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ පිළිබද මාතලේ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අත්ඩංගුවට ගත් වාහනය නිදහස් කරන ලෙසට එහි කොඨඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැඩි බලපැමක් කර ඇති බව වාර්ථාවෙි.

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සංවිදායක ලක්ෂ්මන් වසන්ත පෙරෙරා මෙවර සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන අතර මෙම පොලිස් අදිකාරිවරයා මාතලේට රැගෙනවිත් ඇත්තේ ඔහු විසිනි.

ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ බිරියගේ කැලණිය ප්‍රදේශයේ ඥති සමිබන්ධයක් මත එතෙක් දඩුවම් මාරුවිමකට කේෂත්‍ර බලකා මුලස්ථානයේ සිටි මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිධුරයට පත්වු විගස මාතලේ කොඨඨාශයට අනුයුක්ත කර ඇත.ඊට පෙර ඔහු හලාවත කොඨඨාශයේ සිටින විට කාන්තා පොලිස් කොස්තාපල් වරියකට ලිංගික බලපෑම් කර එහි විඩියෝ සමග කාන්තා කාර්යන්සයට පැමිනිළි කිරිමත් සමග ඔහු කේෂත්‍ර බළකා මුලස්ථානයට අනුයුක්ත කළේය.මෙම තත්වය නිසා දිගින් දිගමට කාන්තා පොලිස් නිළධාරින්ගේන් හා සාමාන්‍ය නිළදාරින්ගේන් පළිගැනිමට කටයුත් කරන අතර ප්‍රසිද්ධියේ මහජනතාව ඉදිරියේ මනුෂ්‍යයත්වට නොගැලෙපෙන ආකාරයට පහත් ආකාරයෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කරන බව වාර්ථාවෙි.

කෙසේ වෙතත් පොලිස් භාරයට ගත් ලොරියේ රියදුරා මෙම නිලදාරියාගේ දෙබඩි පිලිවෙත නිසා අත්ඩංගුවට ගැනිමට නොහැකිවී ඇති අතර අඩුම තරමේ ලොරියේ ආදායම් බලපත්‍රයවත් නොමැති තත්වයක් මත එය නිදහස් කිරිමට ලබපැමි කරමින් සිටින බව සදහන්වේ.

එහිදී එම වැටලිම කළ පොලිස් පිරික්ෂකවරයා සදහන් කර ඇත්තේ තමාට විශ්‍රාම ගැනිමට තව මාසකිහිපයක් ඇති නිසා එය සිදු කිරිමට නොහැකි බවයි.

මේ අතර එම නිළදාරියාගේ පැරණි පුරුද්ද දඩුවම් ලැබිමෙන්වත් නැවති නැති අතර සිය නිළ  බලය යොදා කාන්තා නිළදාරිනියන් දෙදෙනෙකුගේ පහස ලබන අතර ඉන් එක් අයෙක් සිය කාර්යායේ වන අතර අනෙක් නිළධාරිනිය අලුතෙන් සේවයට බැදී දැල් බදින සතෙකුගේ නම සදහන් පොලිසියක සේවය කරන නිළදාරිනියක් බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *