දෙමළ රාජ්‍ය පක්ෂය තුනට කැඩේ – දෙමළ අපේක්ෂකට වැඩි වාසි

දෙමළ රාජ්‍ය පක්ෂය ඉදිරි මැතිවරණයේදී සමගි ජනබල වෙිගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරිමට තිරණය කල බවට එහි පාර්ලිමෙින්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් මහතා පැවසීමත් සමග පක්ෂය තුළ බෙදිමක් සිදුවී ඇති බව වාර්තාවෙි.

පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා දැනුවත් නොකර එම තිරණය ගැනිම නිසා අදාළ තිරණය වලංගු නොමැති බවව ඔහු මෙිවන විටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙි තත්වයක තුළ පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් කොටස් තුනකට කැඩි ඇති බවට තොරතුරු වාර්තාවෙි.

එක් පාර්ශවයක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරිමට තිරණය කිරිමත් සමග තවත් මන්ත්‍රිවරුන් කණ්ඩායම් දෙකක් රනිල්ට හා දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන්ට සහය පළ කිරිමට සාකච්චා කරමින් සිටින බව සදහන්වෙි.

ඒ අනුව සුමන්තිරන්ගේ තිරණයට තවරසා මන්ත්‍රිවරයා පමණක් සිටින බව කියවේ.

රාසමාන්‍යක්යන් , ගෝවිනද කරුණාකරන් හා කුගදාසන යන මන්ත්‍රිවරු ඉදිරි මැතිවරණයේදී සහය පළ කරන අපේක්ෂකයා සමිබන්ධයෙන් සාකච්චා පවත්වමින් සිටින අතර බොහෝදුරට ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිමෙි වැඩි සමභාවිතාවක් පවතින බව සදහන්වේ.

එම පක්ෂයේ එස් සිද්ධාර්තන් මහතා මිට පෙරම පොදු අපේක්ෂකයාට සහය පළ කිරිමට තිරණය කළ අතර චාර්ල්ස් නිර්මල නාදන් මහතාද ඔහු අනුගමනය කරනු ඇති බව උතුරේ දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් දේශපාලන තින්දු තිරණ ගන්නා සුමන්තිරන්ට මේ වනවිට උතුරේ වැඩි ප්‍රසාදයක් නොමැති තත්වයට පත්වී ඇත්තේ ඔහු දක්ණේ දේශපාඥයන් සමග ඩීල් දේශපාලනයේ යෙදෙන බවට චෝදනා එල්ල වී ඇති නිසාවෙනි.මෙම තත්වය තුළ උතුරේ මෙවර ජන්දවලින් වැඩි කොටසක් දෙමළ පොදු අපේක්ෂකයාට ලැබෙනු ඇති බවට එහි දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *