පළාත් ආණ්ඩුකාරවරුන් රනිල් දිනවන්න මහජන මුදල් වැය කිරිම මැකොට නොපෙණේ

පළාත් නවයට පත්කර සිටින පලාත් ආණ්ඩුකාරවරුන්ගෙන් බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින රනිල් වික්‍රමසිංහ මහතාව දිනවිම සදහා මෙිදිනවල දිවා රැ නොබලා කටයුතු කරන බව පෙනියයි.ඔවුන් සිය රජයෙන් ලබාදි ඇති වාහන වල නැගි ජන්ද එකතු කිරිම සදහා දැඩි වෙහෙසක් ගන්නා බව පෙනියයි.මේ ආකාරයට දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා, මධ්‍යම පළාත්  ආනුඩුකාර ලලිත් යු ගමගේ , වයඹ නසිර් අහමඩ්,උතුරු මැද මහිපාල හේරත් .මෙන්ම නැගෙනහිර ආණුඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ඉන් ප්‍රධාන වෙි.

ජනතාවගේ බදු මුදලින් බඩ ගෝස්තරය  රැක ගෙන ජනතා බදු මුදලින් ඉන්ධනද සපයා ගෙන  දේශපාලන රැස්වීම් වලට මොවුන් යදිදී  දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්   වරුන් නොදැක්කාසේ  සිටින බව  මැතිවරණ නීරීක්ෂකයෝ පවසති.

පලාත් ආණ්ඩුකාර වරයා  ජනාධිපති අපේක්ෂක පස්සේ ගියාට ප්‍රශ්ණයක් නැතත් ඔහු  සම්පූර්ණයෙන් ජීවත් වෙන්නේ නඩත්තු වන්නේ  රටේ ජනතාවගේ බදු මුදලින්බව   ජනතාව පවසති.

ආණ්ඩුකාර  කාර්යාලයේ  සියලු වාහන  නඩත්තු වන්නේ ද රටේ ජනතාවගේ බදු මුදලින් නිසා  ,ආණ්ඩුකාර වරයාත් ඔහුගේ ලේකම් වරුත්  ස්වාධීනව සිටිය යුතු බව  ජනතාව පවසති. මේ ආකාරයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ  මහතා   දේශපාලනයට   යොමුවී  ජනපති අපේක්ෂකයා පසුපස   යාමට රජයේ නිල වාහන  යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ජන බල වේගයේ  නියෝජිතයන් මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට සහ පැෆරල්  සංවිධානයටද  පැමිණිළි කිරීමට පියවර ගෙන තිබේ. තම තනතුර බේරා ගැනීමට ආණ්ඩුකාර වරයා ජනාධිපති වරයාගේ ජන්ද කැම්පේන් එකට  යොමු වී ඇති බව මැද රට ජනතාව පවසති. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *