මහනුවර එජාප පක්ෂිකයින්  රනිල් දිනවන්න වැඩෙන් පස්ස ගහයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය  කරවීමේ  මහනුවර දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරයට මහනුවර දිස්ත්‍රික්කයේ  බහුතර එජාප  සංවිධායකවරුන්  කැපවීමෙන් තම සහාය ලබා නෙදෙන්නේ යැයි  ,රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ  මෙහෙයුම් සහ ප්‍රචාරක කටයුතු භාර  මහනුවර දිස්ත්‍රික්කයේ  සංවිධානය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා  පැවසීය.

බොහෝ සංවිධායකයන්  උනන්දුවකින්  එම කටයුතු වලට සහභාගි නොවන බව බොහෝ අවස්ථාවල  දක්නට තිබෙන අතර  ඇතැම් සංවිධායකයන්ට  එම කටයුතු සඳහා මුදල්ද  ලබාදී ඇතත්  ඔවුන්ගේ සහාය ලැබෙන්නේ මන්දගාමීව බව  මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

මහනුවර මහ නගර සභාවේ   පොදුජන පෙරමුණේ සහ එජාප  ප්‍රාදේශීය  දේශපාළනඥයන් සහ මහනුවර ඟඟවට කෝරළේ සහ අකුරණ  ප්‍රාදේශීය  සභාවේ  හිටපු මන්ත්‍රී වරු සහ මන්ත්‍රී වරියන්    රනිල් වික්‍රමසිංහ මහතාට  සහාය  දැක්වීමට  ඉදිරිපත්  වී ඇතැයිද   පැවසූ  මහින්දානන්ද අළුත්ගමගේ මහතා  මහනුවර දිස්ත්‍රික්කයේ  ප්‍රබල එජාප සංවිධායකයන්  තම නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන්  වඩා වැඩි කැපවීමක්  දැක්විය යුතු බවද  කීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එජාප සංවිධායකයන් සහ කොටිඨාශ සංවිධායකයන්      ක්‍රියා කරන්නේ කෙසේද යන්න සොයා බලා  වාර්තා නිරීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් මහනුවර දිස්ත්‍රික්කයට   නිලධාරියෙක්ද  පත් කර එවා තිබේ.

රනිල් ගේ  ජයග්‍රහණයට  පස්ස ගහන  පක්ෂ සංවිධායකයන් අතරින් ඇතැමුන් සජිත් දිනවීමට රහසිගතව වැඩ කරයි.

රනිල්ගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර මහයියාව පෙදෙසේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට(29)  ලොහාන් රත්වත්තේ  සහ දිලුම් අමුුණුගම යන රාජ්‍ය අමාත්‍ය වරුන්ද සහභාගි නොවීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *