සජිත් දිනන්නත් කළින් තෙල්සංස්ථාවෙි සමගි සේවක වෘත්තිය සමිතිය වැඩ අරභයි

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට උදමි අනමින් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සංකීරණයේ සමගි සේවක සංගමයේ සමාජිකයන් එක්සත් ජාතික පක්ෂයට සමිබන්ධ ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන පිරිසකට සහ සමාගමේ නිලධාරීන්ට තර්ජනය කරමින් ,බලපෑම් කරමින් සිටින බවට වාර්තාවෙි.

ජාතික සේවක සංගමය එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ . වෘත්තීය සමීති ව්‍යාපාරය වන අතර එය වර්තමාන ජනාධිපතිවරයා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි.

වර්තමාන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂය පිහිටවීමෙන් පසු සමගි සේවක සංගමය පිහිටුවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව වර්තමාන ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන පිරිසක් සමගි සේවක සංගමයේ ප්‍රධාන නිළතල ලබාගෙන වෘත්තිය සමිති දෙකක සාමාජිකත්වය දරමින් සිටියි.

නමුත් කම්කරු නීතියට අනුව ප්‍රධාන නිලතල දරන සේවකයන්ට සමිති දෙකක සාමාජිකත්වය දැරිය නොහැකි අතර එය කම්කරු නීතියටද පටහැණිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසු වෘත්තිය සමිති දෙකක සාමාජිකත්වය දරන කණ්ඩායමක් ආයතනයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට පහරදීමට සහ සේවකයන් ස්ථාන මාරු කිරීමට දැනටම සංවිධානාත්මකව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරයි.

මේ වගේම වර්තමාන සමගි සේවක සංගමයේ ඉහළම නිලධාරියෙකුගේ පුතෙකු බෙදාහැරීම් අංශයට අයත් ප්‍රවාහන අංශයේ ටැංකි රථ සඳහා ගමන් වාර ලබාදෙන ආකාරය ඔහුට රිසිසේ තම සේවක සංගමයට හිතෛෂී අදාල තනතුරු වලටද නොගැළපෙන සේවකයන් පිරිසක් එම කාර්යාංශයට ස්ථාන මාරු කර ගනිමින් අත යට මුදල් ලබා ගැනීමටත්, අවශ්‍ය සේවක කණ්ඩායමක් එක් රැස් කරගෙන සිටින බව වාර්තාවේ.

මෙම වෘත්තීය සමීති නිලධාරියාගේ පුත්‍රයා ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයෙන් කොලොන්නාව නගර සභාවට නාමයෝජනා ලබා දුන් අපේක්ෂක වීම සමස්ත සේවකයින් පිරිස හොඳින් දන්නා බැවින් මොහුගේ මෙම හැසිරීම පිළිබඳව විශාල සේවකයින් පිරිසක් පිළිකුළෙන් යුතුව දැඩිව හෙලා දකිමින් සිටින බව වාර්තා වන අතර මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ද දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අප වෙත වාර්තා වෙි.

මෙම වෘත්තීය සමිති දෙකක සාමාජිකත්වය දරන මෙම පිරිස පසුගිය වසර කිහිපය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ හෝ වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ පාලන කාලය තුළ ප්‍රතිව්‍යුහ ගතකරණයට මුවා වී සිදු කරන පෞද්ගලිකරණයට,වැටුප් වැඩිවීමකට,ප්‍රසාද දීමනා ලබා ගැනීමට,සේවකයන් අඩු කිරීමට එරෙහිව රජය ගන්නා ලද ක්‍රියාමාර්ග වෙනුවෙන් කිසිදු අයුරකින් වෘත්තීය මේ ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට අපොහොසත් වූ පිරිසක් බැවින් මෙම කණ්ඩායම ඔවුන්ගේ වාසි තකා ආයතනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ලද ස්වාධීන නිලධාරීන්ට විශාල බලපෑමක් ඇති කිරීමට කටයුතු කිරීම අතිශයින් කර කණගාටුවට කරුණක් බව සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *