ගුටි දුන් මහින්දානන්දයි ගුටි කාපු ගුණතිලකයි එකවෙිදිකාවෙි එක ළග

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ සමීප දේශපාළන සගයන් ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දිනවීම සඳහා අකුරණ එජාප ශ්‍රීලනිප පොහොට්ටු ආධාර කරුවන් අතරට පැමිණ රනිල්ට ජයවේවායි හුරේ දැමූහ.
දේශපාළනයේදී හතුරන් වී ගුටිබැට හුවමාරු කරගත් මහින්දානන්ද අලුත්ගමගේ ,ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමෙින්තු මන්ත්‍රීවරු ගජ මුතුරන් ලෙසිණි

මහින්දානන්ද මන්ත්‍රී වරයාගේ පහරදීම නිසා ඇද වැටුණු ගුණතිලක රාජපක්ංෂ පාදයක්ද ආබාධයට ලක්විය ඔහු අත්වාරුවක ආධාරයෙන අකුරණ පැවති දේශපාළන රැස්වීමට පැමිණ මහින්දානන්ද අලුත්ගමගේ ලඟම වාඩිවූයේ නයි මුගටි සටන ඉවරයි කියමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමේ මැතිවරණ සටනේ මහනුවර දිස්ත්‍රික් නායකයා ලෙස රනිල් විවෙිචනය කල මහින්දානන්ද අලුත්ගමගේ සෑම මැතිවරණ සමයකදීම එජාප ආධාර කරුවන්ට නාවලපිටියේදී පහරදී අත පය කකුල් කඩා දැමූ බව එජාප පාක්ෂිකයන් අමතක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *