මහනුවර සජබේ හොහොට්ටු මැතිවරණ ජරමර

සජිත්ගේ කුණ්ඩසාලේ රැස්වීමට සෙනඟ ගේන්නට කුණ්ඩසාලේ ජල පියාට දුන් ලක්ෂ 50 ට හරියන්නට සෙනඟ රැගෙන එන්නට තරම් නොහැකි වීමත් සමග අර්ල් ගුණසේකර හිටපු මන්ත්‍රී වරයාගේ පිහිටෙන් වැඩි සෙනඟක් කෙන්ගල්ලේ රැස්වීමට රැගෙන එන්නට හැකිවී තිබේ.
කෙන්ගල්ලේ පැවති සජබේ රැස්වීමට පිට්ටනිය පුරවන්නට සෙනග ගෙන ඒමට ජල පියා හෙවත් ආර් ජී සමරනායකට නොහැකි වීම නිසා සජබේ දිස්ත්‍රික් නායකයාට කේන්ති ගොස් ඇති බව වාර්ථාවෙි.
මේ වන විට කුණ්ඩසාලේ හිටපු පොහොට්ටු ප්‍රබලයෝ වන ලින්ටන් විජේසිංහ, ජල පියා හෙවත් ආර් ජී සමරනාය
, යන දෙදෙනා අතරද කුණ්ඩසාල ආසනයේ චන්ද ගොඩ එකතු කරගැනීමට ප්‍රබල සටනක් ඇතිවී තිබේ.
මේ අතර මැතිවරණ සමයේ ජන්ද මධ්‍යස්ථානයකට කඩා පැන බෝම්බ ගසා පුද්ගල ඝාතනයක් සිදුකර මහාධිකරණයෙන් වරද කරු වී සිරදඬුවමට ලක්ව ,පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ ජනාධිපති සමාව හිමිවී සිරෙන් නිදහස් වූ මධ්‍යම පලාත් සභාවේ හිටපු සභාපති මහින්ද අබේකෝන් පොහොට්ටුව දිනවීමට මහනුවර වටේ යාමට පියවර ගෙන තිබේ.මෙවන් සංවිධායකයන්ද පොහොට්ටුවේ ඉන්නේ යැයි මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයෝ ප්‍රශ්ණ කරති.
පසුගිය භීෂණ සමයේ පණ බේරාගන්නට රට පැන පසුව ලංකාවට පැමිණ බැසල්ගේ චිට් මන්ත්‍රී ධූරය ලබාගෙන පාර්ලිමේන්තුවට ගොස් සිටින පින් මහාචාර්යය , පත්කල මන්ත්‍රී ,කෝප් කමිටුවේදී දූෂණ වංචා සිද්ධීන් යට ගැසීමට ගොස් කෝප් කමිටුවෙන් පන්නා දැමූ මහාචාර්ය රංජිත් බණ්ඩාර පොහොට්ටුවේ ජයග්‍රහණය උදෙසා බේගල් ඇද බාමින් නාමල් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පිනවීමට කටයුතු කරමින් සිටී.
බෙහෙත් හොරා අපිට එපා කියමින් එජාපයේ පිරිසක් එජාප නායකයාට කෙහෙළිය රඹුක්වැල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ වැඩ වලට ලං නොකරගන්නැයි බලපෑම් කිරීමට පියවර ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *