වැඩිම අලෙවියක් තිබු ඉන්දනහල් 450 සමාගම්වලට දී සංස්ථාව අලුතෙන් හාරසියක් ඇරබිමේ සුදානමට විරෝධය

   මෙරට ඉන්ධන හල් විදේශීය  සමාගම්වලට පවරාදී,  තවත් ඉන්ධන හල් 400ක් අලුතින්ම පිහිට විමට ආණ්ඩුව ගෙන තිබෙන  තීරණයට එරෙහිව  ඉන්ධන හල් හිමියෝ  දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

    මේ වනවිට ප්‍රාදේශීය ඉන්ධන හල් හිමියන් බොහොම දෙනා ජනාධිපති අපේක්ෂකයින් සමග  මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කරන අතර  ඉන්ධන ව්‍යායාපාරය ආරක්ෂා කරන ප්‍රධාන අපේක්ෂකයෙක්ට සම්පූර්ණයෙන්ම සහාය දීමට ඉන්ධන හල් හිමියන් තීරණය කර ඇත.

    මෙරට තිබූ වැඩිම අලෙවියක් වාර්තා කළ ඉන්ධන හල් හාරසිය පණහක් විදේශ සමාගම් වලට ලබා දී තිබේ.තවත් ඉන්ධන හල් තුන්සියයක්ම ඉන්දීය තෙල් සමාගම සතු අතර සංස්ථාවට ඉතිරිවී ඇත්තේ ඉන්ධනහල් හයසියක් පමනි.

     කොරෝනා වසංගතය,ආර්ථික අර්බුදය හමුවේ තෙල් වෙළෙදාම දැඩි අර්බුදයකට ගිය බවත් වත්මන් තෙල් සංස්ථා සභාපති අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ඉන්ධන හල් හිමියන්ට සාකච්ඡාවක් හෝ ලබානොදෙමින් ඉතුරු වී  ඇති ඉන්ධන හල් හයසියයද විකුණා දැමීමට කටයුතු කරගෙන යන බවද ඔව්හු කියති.

එනිසා ප්‍රධාන ජානාධිපති අපේක්ෂකයන්  සමග සාකච්ඡා කොට රටේ සම්පත් ආරක්ෂ කරන ඉන්ධන ව්‍යායාපාරයේ සුරක්ෂිත භාවය රකින අපේක්ෂකයාට සහාය දීමට ඉන්ධන හල් හිමියන් තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *