හිටපු තෙල් ඇමතියෙක් අමුතු මාර්ගයකින් හංසමාලිට A9 මාර්ගයේන්  පිරවුම් හලක් දිලා

වංචා දුෂණවලට එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව පවසමින් හඩනගන

  වර්තමාන ආණුඩයව් කැබිනට් අමාත්‍ය ධුරය උසුලන 2010/2013 එවකට ඛනිජ තෙල් සම්පත් කර්මාන්ත අමාත්‍ය  වරයා ලෙස  කටයුතු කරන සමයේ  යාපනය මහනුවර A9 මාර්ගයේ තම සම්බන්ධීකරණ ලේකම් පුත්‍රයාගේ  බිරිද ( ලේලිය )වන  උඩාපොළ ගමරාළලාගේ එරන්දි හංසමාලි උඩාපොළ යන අයට  කිලිනොච්චිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ලබාදීමට කටයුතු කර ඇති බව ලංකා ඛනිජ  තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයේන් වාර්තා වෙි.

 මෙම අමාත්‍යවරයා එම වකවානුව තුළ බාල තෙල් මෙරටට රැගෙන ඒමේ සිදුවීම් කිහිපයකටද වගකිව යුත්තා වන අතර එම ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රියා කර ඇත්තේ ද මෙම ඉන්ධන හල ලබාදීම සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත්තේ ද ඔහුගේම පුත්‍ර රත්නය වන බව සදහන්වේ.

මෙම අමාත්‍යවරයාගේ පුත්‍රයා වන සමින්ද එවකට   ඔහුගේම බිරිඳ වන එරන්දිකා හංසමාලී මහත්මියට  united pool mart නමින් සමාගමක් ආරම්භ කර එහි අධ්‍යක්ෂක මණ්ඩලයට තවත් දමිළ පුද්ගලයන් දෙදෙනකුගේ යුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරගෙන අමාත්‍යවරයාගේ අභිමතය පරිදි මෙම ඉන්ධන පිරවුම්හල් බලපත්‍රය කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා දී ඇති බව අල්ලස්  දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් මගින් සනාථ වී ඇත.

කෙසේ නමුත් 2015 -2019 යහපාලන රජය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය හොබවමින්ද එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඔඩොක්කුවට වැටෙමින් මෙම කූට ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් වන පැමිණිලි යට ගසා ගත් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති අංශයේ ප්‍රකාශකයෙකු අපට වාර්තා කර සිටියේය.

කෙසේ වෙතත් මේ වනතුරුත් අල්ලස්  දූෂණ විමර්ශන කොමිෂන් සභාව  පැමිණිල්ල අතරමග විභාග කිරීම අතහැර දමා ඇත්තේ ද දේශපාලන බලපෑම් මත බවද ඔවුන් අප වෙත ප්‍රකාශ කර සිටියා.

එක් අවස්ථාවක මේ පිළිබඳව  පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම් කළ ද  අමාත්‍යවරයා කිසිදු පිළිතුරක් ලබා නොදී පාර්ලිමේන්තු පැනය මගහරිමින් කල් ලබා ගත්තේය.

.කෙසේ නමුත් දැනට ශමින්ද කියන මෙම අමාත්‍යවරයාගේ පුත්‍රයා එරන්දිකා හංසමාලිව නීත්‍යානුකූලව දික්කසාද කර වෙනත් විවාහයක් කර ගනිමින් විදේශගත වී ඇති අතර මෙම පිරවුම්පළ ලබා දිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ද මේ සඳහා නොමසුරුව ආධාර උපකාර අනීතිකව ලබා දී ඇති බව මෙම ලේඛන පරිශීලනය කිරීමේදී මනාව  පැහැදිලිවම පැහැදිලි වෙි.

බලයට පැමිණෙන රජයන් සමග එකතු වී කූට සමාගම් උපයෝගී කරගනිමින් ඉන්ධන හාල් ලබා ගැනීම වගේම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කූඨ උපක්‍රමශීලී ජාවාරමේද මෙම අමාත්‍යවරයාගේ  බිරිඳ පුතා ඇතුළු ළඟම ඥාතීන් මුදල් ලබා ගැනීමේ සිදුවීම් කිහිපයක් පිළිබඳව ද අවස්ථා ගණනාවකදී වාර්තා වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *