මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැන්ෂන් කාක්කෙක් ඇල්ලුවොත් ඕනෑම වැඩක් දවසින්

කොළඹ මෝටර් රථ ප්‍රවාහණ කොමසාරිස්  ප්‍රධාන කාර්යාලයේ සිදුවන අක්‍රමිකතාවයන්ට අලුත්ම මුහුණුවරක්   ලබාදෙමින් එම කාර්යාලයේ සේවය කර විශ්‍රාම  ලබා ගොස් සිටින පුද්ගලයන්   එහි ජාවාරම්වලට අත ගසා ඇති බව එම කාර්යාලයේ සේවාව ලබා ගැනීමට පැමිිණෙන මහජනතාව පවසති.

මෙම කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින ඇතැම් නිලධාරින්  මහජනතාවගෙන් රුපියල් විසි දහස ,තිස්දහස වැනි මුදල් ලබාගෙන මෝටර් රථ  වාහන වලට අදාළ  ලියකියවිලි,ලයිසන්, මෝටර් රථවාහන පැවරුම් කිරීම්,අලුත් බලපත්‍ර ලබාදීම්  ආදිය ඉතා සූක්ෂම ලෙස සිදුකර දෙනුලබයි.

මෙම විශ්‍රාමික නිලධාරින් කාර්යාලයේ සෑම අංශයක්ම මැනවින් දන්නා  බව පවසා මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන්   අතයට  මුදල් ලබාගෙන  එලෙස මුදල් ලබාදෙන අයවලුන්ගේ කාර්යයන් එක් දිනකින් කරදෙන බව මහජනතාව පවසති.

මෙම කාර්යාලයේ ඉහළ ප්‍රධාන තනතුරකට පත්වූ කලක් මහනුවර පලාතේ  ප්‍රාදේශීය ලේකම් ධුරයක් හෙබවූ නිලධාරියාද  අක්‍රමිකතාවලට ඉඩදී නිහඬව බගා සිටින බව මහජනතාව  පවසති.

රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන  එකල තම නිල බලයෙන් එම ඉඩම් වල  සංචාරක  නිකේතන   ඉදිකිරීමට  පවා   කටයුතු  කල මෝටර් රථ ප්‍රවාහණ ප්‍රධාන කාර්යාලයේ ඉහල තනතුරක් දරන්නා මෙම කාර්යාල සංකීර්ණයේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධව එතරම් තැකීමක් නොකරන බවද  මෙම කාර්යාලයේ ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන්කරයි.

කෙසේ වෙතත්  මහජනතාවට අත්‍යාවශ්‍ය සේවාවක් සපයන මෝටර් රථ ප්‍රවාහණ  දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ   සේවය කර පැන්ෂන් ගිය නිලධාරි කාක්කන්ගෙන් ආරක්ෂා කර ගත යුතු බව මහජනතාව  පවසති.

මෙම පැන්ෂන් කාක්කන් මෙම කාර්යාලය ආක්‍රමණය කර ඇති බවද මහජනතාව  අදාල රාජ්‍ය ආයතනය භාර බලධාරින්ට දන්වා සිටියි.

මෙම පැන්ෂන් කාක්කන්ට දහසේ නෝට්ටු කීපයක් අතමිට මෙලවූ සැනින් ඕනෑම අමාරු ලියවිල්ලක් දිනක් ඇතුලත සකසා ගත හැකි බවද මහජනතාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *