රැස්විම්වලට  හා විශේෂ හමුවලට සෙනග නැතිව සජිත්ට තදවෙලා

සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත්  ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවත් ජනරැළි දෙකකට හා විශේෂ හමු දෙකකට ජනතාව හා විශේෂ ආරධිතයින් නොමැති විම නිසා එවා සංවිධානය කළ නියෝජිතයින්ට ඔහු දැඩි ලෙස දෝසාරෝපනය කර ඇති බව වාර්ථාවෙි.

එ අනුව කටාන හා මොරටුව පැවති ජනරැළි දෙකට හා  සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අරත හමුවටද ආරාධනා කර සිටි පිරිස නොපැමිණිම නිසා ප්‍රේමදාස මහතා දැඩි අසරණ තත්වයට පත්ව තිබෙි.

පසුගිය සතියේ කටාන සහ මොරටුව  පැවැති ප්‍රචාරක ජනරැලි වලටද බලාපොරොත්තු වු තරම් ජනතාව සහභාගි නොවීම ගැන සජිත් සංවිධාකයන්ට දොස් පවරා ඇති බව වාර්තා වෙනවා.

මිට අමතරව  බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර පසුගිය (22) පැවති සාකච්ඡාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ  එම බලපත්‍රලාභී නියෝජිතයින්  එය වර්ජනය කිරීම නිසා විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇති බවයි කියන්නේ.

එදින රාත්‍රී 7.00 ට කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වීමට තිබූ මෙම සාකච්ඡාවට විපක්ෂ නායක කාර්යාලය මගින් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන  267 කට ආරාධනා කර තිබුණත් සාකච්ඡාව සඳහා පැමිණ ඇත්තේ  30 කටත් අඩු පිරිසක් බව සදහන්වේ.

මෙම සාකච්ඡාවට විදේශ රැකියා නියෝජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන ඇත්තේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි විසින් වන අතර පසුව එම මන්ත්‍රීවරුන්ට ප්‍රෙුමදාස මහතා   දෝෂාරෝපණය කර ඇති බව වාර්ථාවෙි.

ඊට අමතරව ඉකුත් 18 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්  කොළඹ සම්මේලන සහ ප්‍රදර්ශණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට 2000කට ආරාධනා කර තිබුණත් ඊට පමිණ ඇත්තේ 18 දෙනෙකු පමණක් නිසා එම හමුව නවතා දැමු  බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *