දුෂිත කොමසාරිස් මහනුවර මහපුටුවට ඉව අල්ලයි

මහනුවර මහ නගර සභාවේ  මහජන නියෝජිතයන් නොමැති වීමත් සමග නිලධාරි දූෂණය ඉහවහා ගොස් ඇති බව නගර සභාවේ සේවකයන්  සුළුතරයක් පවසයි.

හිටපු නාගරික කොමසාරිස් විවිධ දූෂිත ක්‍රියාවන්ට නතුවී අතයට විශාල මුදල් ගනුදෙනු සිදුකිරීමත් සිය රාජකාරිය නිසි ලෙස  ඉටු නොකිරීමත් නිසා  මහනුවර නාගරික කොමසාරිස් ධූරය අතහැර මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයාගේ උදව්වෙන් නුවර එළිය ප්‍රදේශයට මාරුවක් ලබාගෙන ගියේය.

ඔහු වෙනුවට මහනුවර මහ නගර සභාවේ නව කොමසාරිස් ලෙස මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්ගේ හිතවතියක්වූ ඉන්දිකා අබේසිංහ නැමැත්තිය ගෙන්වාගෙන පලාත් ආණ්ඩුකාර වරයාගේද උදව් ලබාගෙන    කොමසාරිස් ධූරය පිරිනමා ඇත .ඇය තනතුර බාරගත් දින සිට  විවිධ අතයට ගනුදෙනු සහ  දුෂිත ක්‍රියාවන්ට  සෘජුව සම්බන්ධ වී සිටින බව නගර සභාවේ තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇගේ පලමු කාර්ය වූයේ  මහනුවරනගර සභාව සතු පදික වේදිකාවක් වූ ක්වීන්ස් හෝටලයේ මහජන පදික වේදිකාව  අතයට ලක්ෂ දහයක ගනුදෙනුවකට  තම හිතවතෙකුට  ටෙන්ඩර් මගඩි ඔස්සේ  බදු දී මහජනයාට   නිදහසේ පෙරහැර බැලීමට ඇති අයිතියද  අහිමි කර දීමය.

මහනුවර වැවේ බෝට්ටු සේවය  යලි ලබාදීමේ කාර්යයද දූෂිත ගනුදෙනු යටතේ සිදුවී තිබේ.බොහෝ දූෂිත ගනුදෙනු වලට පලාත් ආණ්ඩුකාර වරයාගේද ආශීර්වාදය ලැබී ඇත.මහනුවර මහ නගර සභාවේ දූෂිත පාලනය සහ නිලධාරි මාෆියාව නිසා නගර සභාවට බදු ගෙවන ජනතාවට  සභාවේ ලොකු කුඩා බහිරවයන්ට සන්තෝසම් නොදී කිසිදු සේවාවක් ලබාගත නොහරකි බව බදු ගෙවන ජනතාව චෝදනා කරති.

නගරය පුරා  අනවසර ඉදිකිරීම් වලට නාගරික කොමසාරිස් වරිය  ඇතුලු නිලධාරින් රැසකගේ  සහය ලබාදී ඇත්තේ අතයට ගනුදෙනු වලට බව නගර සභාව තුලින්ම දැනගන්නට  ලැබිණි.

ලක්ෂ දෙක තුන  සහ මහා පරිමාණ සන්තෝෂම් මුදලකට නගරය තුල ඕනෑම අනවසර ගොඩනැගිල්ලකට නීත්‍යානූකූල වරිපනම් අංක හිමිකම් පත්‍ර ලබාගත හැකි බවද දැනගන්නට ලැබිණි.ප්‍රශ්ණ කරන්නට නගර සභාවේ වෙනදා මෙන් නාගරික මන්ත්‍රී වරු,මන්ත්‍රී වරියන් නැති නිසා නාගරික කොමසාරිස් වරිය ඇතුලු  දූ ෂිත නිලධාරින් තම තමන්ට හැකි ඉහලම ආකාරයට නගර සභාව තුල සිය කටයුතු කරගෙන යයි.

 චන්දන තෙන්නකෝන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ධූරයෙන් විශ්‍රාම ලබා යාමට පෙර සුදුසුකම් අඩු මට්ටමේ සිටින වත්මන් මහනුවර නාගරික කොමසාරිස්  ඉන්දිකා අබේසිංහ නැමත්තිය මහනුවර දිස්ත්‍රික් ලේකම් පුටුවට  පත්කර ගැනීම සඳහා මේ දිනවල ඉතා සූක්ෂම අයුරින් වැඩ කටයුතු සිදුවන බව රාජ්‍ය පරිපාලනයේ  ඉහළ සුදුසුකම් ඇති අනෙකුත් රාජ්‍ය නිලධාරිහු  පවසති.

මහනුවර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් ධූරය සඳහා සුදුසුකම් සපුරා ඇති නිලධාරින් සිටියදී  චන්දන තෙන්නකෝන්ගේ  යට ගේමක් හරහා  ඇය මහනුවර මහ නගර සභාවේ  නාගරික කොමසාරිස් ධූරයට පත්වූයේ      හිටපු නගරාධිපති කේසර සේනානායක මහතාගේ  සහායෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *