ගොඩනැගිලි පරීක්ෂාවට වෘත්තිමය සුදුසුකම් නොමැති ප්‍රදීපා ගිය මස තුනට රජයේ මුදලින් තුන්වරක් විදේශ ගත වෙලා

විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශ දූත මණ්ඩල කළමනාකරණ හා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් පසුගිය මස තුන තුල රජයේ මුදලින් තුන්වරක් විදේශ ගතවී මහජන බදු මුදල රුපියල් ලක්ෂ සියයකට වැඩි මුදලක් වැයකර තිබේ.

ඒ නවසීලන්තයේ වෙලින්ටන්  , ඉන්දියාවේ  චෙන්නායි සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි තානාපති කාර්යාල වල ගොඩනැගිලි නිසි ප්‍රමිතියෙන් යුතුදැයි පරීක්ෂා කර බැලීම සඳහාය.

වෘත්තිමය වශයෙන් ගොඩනැගිලි පරීක්ෂාව සඳහා කිසිදු සුදුසුකම් නොමැති මේ නිලධාරිනිය මේ ගමන් සඳහා රුපියල් ලක්ෂ සියයකට වැඩි මුදලක් වැය කර ඇත්තේ ගුවන් ප්‍රවේශ පත්‍ර , හෝටල් , දීමනා , ගමන් වියදම් , ආහාර පාන සඳහාය. මේ ගමන් සඳහා චෙන්නායි කොන්සල් ජනරාල් කාර්යාලයට හා කැන්බරා තානාපති කාර්යාලයට වෙනවෙනම තවත් විශාල මුදලක් වැය වී ඇත.

චෙන්නායි  හා කැන්බරා නගරයන්හි ඉහල තානාපති නිලධාරීන් සිටියදීත් ඒ පිරිසට තීරණ ගත නොහැකි බව පවසමින් ප්‍රදීපා සේරම් මෙම ගමන් ගොස් ඇත්තේ කිසිදු පිළිගත හැකි කරුණු නොමැතිවය.

සිය සැමියා වූ රාගම  මිනින්දෝරු  සේරම් මහතාගේ  මරණය සම්බන්ධයෙන් අනියම් මිනීමැරුම් චෝදනා එල්ලවී ඇති ප්‍රදීපා සේරම් ගේ  අදාල චෝදනා සඟවා ඇයට මීට සති කීපයකට පෙර අතිරේක ලේකම් තනතුරක්ද ඉන්දුනීසියාවේ තානාපති ධුරයද ලබාදී තිබේ. එසේම ඉතාලියේ මිලානෝ කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරද්දී ශ්‍රීලාංකික රියදුරෙකු සමග අනියම් ඇසුරක් ප්‍රසිද්ධියේ පැවැත්වීම නිසා ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියෙකු ලෙස විනය කඩකිරීමේ බරපතල චෝදනාවක්ද ප්‍රදීපා සේරම්ට එරෙහිව පවතී.

 මෑතකදී  සිය අධ්‍යාපන සුදුසුකම් සම්පුර්ණ කල ප්‍රදීපා සේරම්ට විශේෂ පන්තිය හා   ක්ෂණිකවම අතිරේක ලේකම් පදවිය පිරිනැමීම නිසා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීන් රැසකට දැඩි අසාධාරනයක්ද සිදුව තිබේ. මානසික ආබාධ ඇති , බරපතල විනය චෝදනා ඇති ප්‍රදීපා සේරම් මෙසේ මහජන මුදල් කාබාසිනියා කරද්දී වගකිවයුත්තන් මුනිවත රැකීම බරපතල කාරණයකි. මිනීමැරුම් චෝදනාවලට සිරගෙදර කූරුගැනිය යුතු මෙවන් කාන්තාවන්ට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති ශ්‍රීලංකාවේ ජනතා බදු මුදල් වලින් මේ ආකාරයට පිස්සුකෙලින්නට ඉඩදීම බරපතලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *