ටිරාන් – වියානි අධිකරණයට සිදුකරන අභියෝග මැද්දේ මොබිටෙල් සමාගම පැරණි වීසා ක්‍රමයට සුදානම්ලු

පෙර පැවති ක්‍රමවේදය අනුව වීසා නිකුත් කරන ලෙස ලබාදී ඇති  ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපාමින් නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා ලේකම් වියානි ගුණතිලක ඇතුළු පිරිස කටයුතු කිරීම හේතුවෙන්  රට තුල නීතියේ ආධිපත්‍යයට බරපතල බලපෑමක් සිදුවෙමින් පවතින බව අධිකරණ ක්ෂේත්‍රයේ දැවැන්ත කතාබහක් ඇතිවී තිබේ.

රට තුඅල සිදුවූ දැවැන්තම දුෂිත ගනුදෙනුවක් වැලැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලට අභියෝග කරමින් නීතිපති උපදෙස් පැතීම බරපතල කාරණයක් බවත් මෙවැනි කටයුතු වලින් ජනතාව නීතිය හා සාධාරණය සම්බන්ධයෙන් තැකීමක් නොකරන තත්වයන් ඇතිවිය හැකිබවත් අධිකරණ ක්ෂේත්‍රයේ අදහස වී තිබේ.

පෙර පැවති වීසා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පවසමින් මොබිටෙල් සමාගම ලිඛිතව ආගමන විගමන පාලක ජනරාල්වරයාට  දන්වා යවා  මේ වන විට සති දෙකක් පමණ ගතවී තිබේ. නව ක්‍රමය යටතේ වීසා වර්ග දාහහතක් පමණ නිකුත් කරන්නට ක්‍රමවේද සකස් කර තිබු අතර ඒ සඳහා වෙනස්කම් සිදු කර ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තාක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන ඉන්ෆොමැටික්ස් සමාගමයි.

අදාළ වෙනස්කම් පෙර පවතී තත්වයට එනම් 2024 අප්‍රේල් මස පැවති තත්වයට පත්කර පැය 24 ක කාලයක් තුල යලි පැරණි ක්‍රමය අරම්භ කරන්නට  තමන් සුදානම් බව මොබිටෙල් සමාගම දෙසතියකට පමණ පෙර දන්වා තිබුනේ  ඒ සඳහා ලැබුණු  අධිකරණ නියෝග අනුවය.ඊට අමතරව නව ක්‍රමය යටතේද ඒ කටයුතු පැවරිම සිදු කරන්නේ නම් නව කතම වෙිදයටද අනුගත විමට හැකියාව ඇතත් ඒ සදහා අමාත්‍යංශය කිසි උනන්දුවක් නොදක්වන බව වාර්ථාවේ.

මේ වන විට පාස්පෝට් නිකුත් කිරීම දවසකට තුන්සියය දක්වා අඩුකර ඇත්තේද වියානි ගුණතිලකට කැමති ආකාරයට ටෙන්ඩරයක් ලබාදෙන්නට නොහැකිවීම නිසා නියමිත පරිදි පාස්පෝට් පොත් ඇනවුම් නොකිරීම නිසා බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *