ඩිල්ෂාන් හිටි අඩියේ සජිත් පසුපස යන්නේ ක්‍රිකට් සභාපති ෂම්මිගේ කොන්ත්‍රාත්තුවකටද

රාජපක්ෂලාගේ හොඳම අනුගාමිකයකු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හිටි අඩියේ සජිත් ප්‍රේමදාස පසුපස ගොස් සජබෙ ආසන සංවිධායක ධූරයක් ලබා ගැනීම ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා හරීන් ප්‍රනාන්දු විසින් කරන ලද ප්ලාන්ට් එකක් බව වාර්තා වෙනවා.

මේ වන විටත් තම දියණිය කාන්තා කණිෂ්ඨ කණ්ඩායමට රිංගවා ගැනීමට ඩිල්ෂාන් සමත්ව තිබෙනවා. ඒ සඳහාද බලපෑම් කරමින් ඩිල්ෂාන්ට සහාය ලබා දී ඇත්තේද ෂම්මි සිල්වා විසින් බව කියවෙනවා.

මේ අතර 19 න් පහළ පුහුණුකරු තනතුරද ෂම්මි හා හරීන් විසින් ඒ සඳහා පුහුණු  සුදුසුකමක් නැති ඩිල්ෂාන්ට ලබා දීමට පොරොන්දු වී ඇති අතර සජබයේ ඇතුලාන්ත තොරතුරු දැන ගැනීමේ අටියෙන් ඩිල්ෂාන් එහි යවා තිබෙි.

මේ ගැටයට මෝඩ සජිත් අසුව ඇති අතර ඩයනා පාර්ලිමේන්තුවට  ගෙනවිත් කර ගත් ගොන් වැඩය ඩිල්ෂාන් ලවාද කර ගැනීමට සජිත් කටයුතු කරන බව සජබ හිතවතුන් රැසක් පවසනවා.

ඒ ඩිල්ෂාන් දැනටමත් ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා සිට්න්නකු වීම නිසයි.

ළමා අපචාර සිද්ධියක් මත ඩිල්ෂාන්ට මේ වන විට සිම්බාබ්වේ තහනම් දේශයක් බවට පත්ව තිබීමත් තරග පාවා දීමේ චෝදනා රැසකට හිම් කම් කීමත් හේතුවෙන් මේ අවස්ථාවේ සජබ වේදිකාවට වද්දා ගැනීම සජබයට ජන්ද අඩු කරවන්නක් විනා වැඩි කරවන්නක් නොවන බව සජබ හිතවතුන්ගේ මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *