වැඩ බලන  පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක පෙරහැර සංවිධායකයන්  ආපසු හරවා  යවයි 

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ  තුන්වන  රන්දෝලි පෙරහැර  වීථී සංචාරය කරමින්  පෙරහැර සධාතුක කරඬුව  රැගත්  හස්තිරාජයා දෑලේ ඇතුන්  පෙරටු  කොට  ඉදිරියට ගමන් කරද්දී  එක්වරම  එම මාර්ගයේ ඉදිරියට ආරක්ෂක භටයන් පිරිවරා ගෙන   දියයඩන නිළමේ වරයා මුරායුධ සහිතව    එමින් සිටියදි  පැමිණි වැඩ බලන  පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  ඇතුළු පිරිස  ආපසු හරවා  යැවීමට  පෙරහැර සංවිධායකයන්ට සිදුවිය.

පෙරහැරේ කිසිදු  පාරම්පරික ඓතිහාසික චාරිත්‍රයක් නොදන්නා වැඩ  බලන  පොලිස්පති  වරයා තමන්ගේ මුර භටයන්ද  ආපසු හරවාගෙන  ගියේ  පෙරහර නරඹමින් සිටි ජනතාවගේද  අප්‍රසාදය ලබා ගනිමිනි.

අගෝස්තු   17  වන දින රාත්‍රී සිදුවූ මෙම අප්‍රසන්න  සිදුවීම  පෙරහැර නැරඹීමට  පෙරහර මග සිටි මහාධිකරණ විනිසුරු  වරියගේද  මවිතයට හේතුවිය.

දැන උගත්  බෞද්ධයෙකු වූ වැඩ බලන පොලිස් පති වරයාගේ මෙම ක්‍රීයා කලාපය  මීට කලකට පෙර  තම නිළඇඳුමෙන්  පෙරහැර ඉදිරිපිට  අඩව් ඇල්ලු හි⁣ටපු පොපිස්පති පූජිත  ජයසුන්දර මහතාගේ  ක්‍රියා කලාපය සිහි ගන්වන්නක්  බව පෙරහර නරඹමින් සිටි ජනතාව පැවසූහ.

කලක්  චීවරධාරිකෙුව සිටි වැඩ බලන පොලිස්පති වරයා දළදා පෙරහැරේ චාරිත්‍ර වාරිත්‍ර නොදන්නෙකු දැයි මෙසින පෙරහැර බැලීමට පැමිණි  ජනතාව  පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *