මෝඩයන්ගේ බූදලයක් වූ ශ්‍රි ලංකා ක්‍රිකට්

ඉන්දිය ශ්‍රිලංකා තරගයේන් ලද ජයග්‍රහණය සමග නැවත උදම් වූ පුහුණු කරුවන් පිස්සු කෙලීමට පටන් ගෙන ඇත.
කණ්ඩායමේ පුහුණු කරුවකු ලෙස ගාල්ලෙ පාසලක සිටි පුහුණු කරුවකු පත් කිරීමට එම පාසලේ ක්‍රීඩකයන් හා ගාල්ලෙ ලගදි ඇමතිකම් අහිමිවූවකු ප්‍රබල මෙහෙයුමක් දියත් කර ඇත.ඇමතිවරයා එම පාසලේ නොවුනද ඔහුගේ බිරිද මේ සදහා මැදිහත් වූ බැවින් ඔහුද මෙය කරට ගෙන ඇත.

එංගලන්තයට පැමිණි කණ්ඩායමේ ඉහත පාසලේ ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත පෙර කී පුහුණුකරු කණ්ඩායම සමග එංගලන්තයට රැගෙන යාමට ක්‍රියා කර ඇත.ඒ සමගම ඔහු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු බව ඔහුගේ මිතුරන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදී තිබෙි.
මේ එලෙස කල පළමු අවස්ථාව නොවන අතර මීට අවස්ථා කීපයකදීද විවිධ කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇතිබව බොරු මවා පා ඇතත් ඔහුට ඒ පිළිබදව ලැජ්ජා ද නැත.ඔහු ප්‍රධාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට සුදුසුකම් නොමැති බැවින් ඔහු නැවත ලංකාව පැමිණ ඇත.මෙවැනි මෝඩ තීරණ නිසා රටේ මුදල් විනාශ වෙනවා පමණක් නොව කණ්ඩායමක් ලෙස අත්වන තැන කුමද්ද යන්න බොහෝ ක්‍රීඩකයන්ගේ මතය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *