හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාක කොඨඨාශ  නිළධාරින්ට දරුවන්ගේ බිරියන් හා මාමලා නැන්දලාත් ආරක්ෂා කරන්න වෙලා

ජනාධිපතිවරණය කටයුතු ආරම්භ කිරිමත් සමග හිටපු ජනාධිපතිවරුන්ගේ හා ජනාධිපති අපේක්ෂකයින්ගේ   ආරක්ෂාව වැඩි කළ යුතු බටවු යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිදිරිපත් කර ඒ සදහා කමිටුවක්ද පත් කර ඇති අතර  අපේක්ෂකයින්ගේ ආරක්ෂාව කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ හා පවුල්වල ආරක්ෂාව නම් මේවන විට තරවී තිබෙි.

හිටපු ජනාධීපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොඨඨාෂවල සේවය කරන නිළධාරින් බොහොමයකට සිදුව ඇත්තේ  හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරිමට වඩා සිය දරුවන්ගේ බිරියන්ගේ හා එම පවුල් ඥතින්ගේ අවතේව සිදු කිරිමට බව වාර්තාවෙි.

හිටපු ජනාධිපතිවරුන්වන ජේ ආර් ජයවර්ධන , රණසිංහ ප්‍රේමද්‍රස, ඩී බී විජේතුංග, චන්ද්‍රිකා බංඩාරණායක කුමාරතුංග,මහින්ද රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ  යන අයගේ ආස්ෂාව සදහා හිටපු ජනාධිපති ආරක්ෂක කොඨඨාශ එක දෙක ආදි වශයෙන් හය දක්වා පිහිටුවා ඇත.

එහෙත් මේවන විට හිටපු ජනාධපතිවරුන් වන ජයවර්ධන හා විජේතුංග යන අයගේ බිරියන්ද ජිවතුන් අතර නොමැත් නිසා එම ආරක්ෂක කොඨඨාශය ක්‍රියාත්ම  නොවන අතර හිටපු ජනාධිපති ආරක්ෂක කොඨඨාශ තුන,හතර,පහ,හය හා හත යන කොඨඨාශ ක්‍රියාත්මකවේ.

රණසිංහ ප්‍රේමද්‍රස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මැතිනියගේ ආරක්ෂාවටඑම කොඨඨාශයේ නිළදාරින් දහයකට ආසන්න පිරිසක් සිටින බව වාර්තාවෙි.

චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂක් කොඨඨාශයේ එැටකට වැඩි පිරිසක් සිටින අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට දෙසියපනහකට වැඩි ආක්ෂක බල ඇනියක් සිටින් බව වාර්ථාවෙි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂක කොඨඨාශයේ 125 අධික පිරිසක් සිටින් අතර  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොඨඨාශයේ පොලිස් නිළධාරින් විසිපහකට අධික පිරිසක් හා හමුදා නිළධාරින් දෙසියක් පමණ සිටින බව වාර්තාවෙි.

මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන මහතුන්ගේ ආරක්ෂක කොඨඨාශයට අනුයක්තව නාවික හා ලුවන් හමුදා නිළධාරින් සිටින බව වාර්ථාවේ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන මහතුන්ගේ ආරක්ෂක කොඨඨාඔයේ සිටින් නිළධාරින්ගෙන් තුනෙන් දෙකකට වඩා සිය දරුවන්ගේ හා එම  දරුවන්ගේ බිරින්දෑවරුන් හා බිරින්දෑවරුනගේ මවුපියන්ගේ ආරක්ෂාවට යොදවා ඇති ඉව සදහන්වෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *