මහනුවර නාගරික ලොක්කි පෙරහැර අස්සේ රට සවාරි ගිහින්

මහනුවර  ඇසළ පෙරහැර  සමයේ මහනුවර  විශාල මහජන  සේවාවන් රැසක්   පැවරී තිබෙන මහනුවර මහ නගර සභාවේ  නාගරික කොමසාරිස් වරිය මැලේසියාවේ සවාරියක් ගොස් ඇතැයි  නගර සභාවේ නිලධාරින් පවසති.

නගරයට පෙරහැර සමයේ ලක්ෂ  25  ක් පමණ ජනතාවක් පැමිණෙන අතර ඔවුන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් සපයන මහනුවර මහ නගර සභාවේ වගකිව යුතු  නිලධාරිනිය විදෙස් සංචාරයකට ගියේ  ඉහළ දේශපාළන බලවතෙකුගේ  සහායෙන්  බව නගර සභාවේ නිලධාරිහු පවසති.

නගරයේ පදික වේදිකාවන්  අනවසරයෙන් අල්ලාගත් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් පදික වේදිකාවේ පුටු දමාගෙන අසරණ ජනතාවට පෙරහැර බැලීමට තිබෙන අයිතිය උදුරාගෙන තිබියදී   නගර සභාවේ වගකිව යුතු නිලධාරින්

අන්ධයන්   ලෙස  නිහඬව සිටින බවත්, එවන් අවස්ථාවක  නගර සභාවේ  ප්‍රධාන නාගරික කොමසාරිස් වරිය රට සවාරි     ගොස්  සිටින බවත් නගර සභාවේ නිලධාරින් සදහන් කරයි. නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්   ධූරයද පුරප්පාඩු වී තිබියදී  නාගරික  කොමසාරිස් වරිය රට සවාරි ගොස් ඇත්තේ නගර සභාවේ ජනතා බදු මුදලින්  බවද .මේ සඳහා  මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයාගේද අනුමැතිය   ලැබී ඇති  බවද නගර සභාවේ  නිලධාරින් සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *