ඊ පාස්පෝර්ට් ටෙන්ඩරය ඉතාම දුෂිත ක්‍රමවේදයක් ඔස්සේ Thales DIS Finland OY සමාගම සහ සී/ස Just In Times Technologies (පුද්) සමාගම් දෙක ඒකාබද්ධ සමාගමකට ලබාදුන් නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා ලේකම් වියානි ගුණතිලක ඇතුළු පිරිස නව පාස්පෝට් සඳහා ඇතුළත් වන චිපයට දත්ත ගබඩා කිරීමෙන් පසුව එහි දත්ත ආරක්ෂා කිරීම සඳහා PKI (Public Key Infrastructure) යන මෘදුකාංගය හා ඊට අදාළ නව පද්ධතියක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්රිකාවෙි තොරතුරු ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපක් කර ඇති බව වාර්ථාවෙි.
මෙම ටෙන්ඩරය අදාළ සමාගම සඳහාම පිරිවිතර සකස් කොට අනෙකුත් සමාගම් වලට ඉල්ලුම්කළ නොහැකිසේ කෙටි කාලයකින් ටෙන්ඩරය අවසන් කරන ලද අතර මිල අඩු බව පෙන්වීම සඳහා ටෙන්ඩරයේ මෘදුකාංගය හා පද්ධතිය කොටස් දෙකක් ලෙස ඉදිරිපත් කිරීම VFS වීසා මගඩිය වැනිම තවත් ගනුදෙනුවක් ලෙස පැවසේ.
මේ අතර මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ගේ ද සහය ඇතිව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තු වත්මන් රජයේ අවසාන දින කිහිපය අභිමුව සිටින අවස්ථාවක “යන යකා කොරහත් බිඳගෙන යන්නට යනවා” සේ මේ වන විට ඉතාම දුෂිත ගනුදෙනු රැසක් සිදු කෙරෙමින් පවතී.
සෞභාග්‍යයේ ඉදිරිදැක්ම පාලන සමයේ අනිසි ලෙස වරදාන සහ වරප්‍රසාද ලබා ගත් Informatics පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ සහ ඔහුගේ පුත් හිරාන් වික්‍රමසිංහ යන අයගේ සෘජු මැදිහත් වීමෙන් ලිංගික අල්ලස් මතින් සිදුවන මෙම මහා පරිමාන දූෂණ සහ වංචා නිසා රජයේ පිළිගත් ප්‍රසම්පාදන නීති රීති එළිපිට දුෂණය වෙමින් පවතී.
මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් දෙදෙනකු වන තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය සහ ඔහුගේ අනුදැනුම හා පෙරැත්තය මත මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන W. A. සරත් කුමාර හා එක්ව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ, හැඳුනුම්පත් මුද්‍රණ සහ සියලුම ඊට අදාළ ටෙන්ඩර් ආචාර්ය ගාමිණි වික්‍රමසිංහගේ හිමිකාරීත්වයෙන් යුතු Informatics ආයතනයට ලබාගැනීමට කටයුතු සිදුවෙමින් පවතී.
ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලතාවය දක්වා නිවැරදි රජයේ ප්‍රසම්පාදන රීති අනුගමය කිරීමට සැරසෙන නිලධාරීන් ඔහුගේ අවනතට යටත් නොවුනහොත් ඉහතින් සදහන් නිලධාරීන් මාර්ගයෙන් ඔවුන්ට ස්ථාන මාරු ලබාදී ඉවත් කිරීමට තරම් ප්‍රබල ලෙස මොහු මෙම ආයතන දෙක පාලනය කරනු ලබයි.
මෙහිදී කෝටි ගණනක මහජන මුදල් අයතා ලෙස භාවිතා කරමින් මෙම දූෂිත ගනුදෙනු වලට අනුග්‍රාහකත්වය ලබා දීමට රවින්ද්‍ර පත්මප්‍රිය නමැති දූෂිත නිලධාරියා ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ විසින් පෙළඹවනු ලබන්නේ ඔහු වෙත තම ආයතනයේ නිලධාරිනියක් හරහා ලබාදෙන ලිංගික අල්ලස් මගිනි.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් මොහු ඉතා ප්‍රසිද්ධියක් උසුලන අතර මොහු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද කාලයේද විවිධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් දුෂණ චෝදනා රැසක් එල්ලවී තිබිණි.
මහා භාණ්ඩාගාරයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල් තම රාජකාරිය බොහෝ විට සිදුකරනු ලබන්නේ මෙම නිලධාරිනිය සමග රහස් ස්ථාන වලය.
රජය සහ මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ වැටී, ජනාධිපතිවරණයත් කැඳවා ඇති අවස්ථාවක දූෂණ වලටම සුප්‍රසිද්ධ ආචාර්ය ගාමිණි වික්‍රමසිංහගේ Informatics ආයතනය රජයේ නිලධාරීන් ලිංගික අල්ලස් හරහා තමන්ට අවශ්‍ය ආකාරයට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම හසුරුවමින් සිටී.