ධනුෂ්ක නිසා වජිරත් අමාරුවේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 ජනාධිපතිවරණ සටන ආරම්භ කර තිබුනද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක හෙවත් DR උත්සව අවස්ථාවල ජනාධිපතිවරයා අසලම සිට ෆොටෝ වලට පෙනීසිටීම හැර වෙනත් කිසිදු දායකත්වයක් මැතිවරණ සටනට ලබා නොදීම එජාප ක්‍රියාකාරිකයන්ගේ මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක පිරිස් වල දැඩි කෝපයට හේතුවී තිබේ.
මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශය කොටස් කීපයකට බෙදී ඇති අතර දිනිත් කරුණාරත්න ගේ සහ ශානුකගේ අංශයේ වැඩ කොටස් වලටද DR හා සහචරයන් ලකුණු දමාගන්නා කොටස් ලෙසද බෙදී පවතී.
ධනුෂ්ක රාමනායක මේ වන විට ජනාධිපතිවරණයේ සමාජ මාධ්‍ය කටයුතු තමන්ගේ ගොලයන් හරහා සිදු කිරීම සඳහා විශාල වශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් හා ආයතන වලින් මුදල් එකතු කරමින් සිටින අතර එසේ එකතුකර ගන්නා මුදල් වලින් සියයට අනුවක්ම යටි මඩි ගසන බවට චෝදනා රැසකි.
එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික්‍රමසිංහ මහතාට වසර ගණනාවක්ම සමීපව කටයුතු කල දක්ෂ මාධ්‍යවේදීන් රැසක් සිටියදී ධනුෂ්ක රාමනායක මේ තනතුරට රැගෙන විත් ඇත්තේ වජිර අබේවර්ධන විසින් වන අතර මෙවැන්නවුන්ට මෙවැනි වැදගත් භාරධුර තනතුර ලබාදීම සමබන්ධයෙන් වජිර අබේවර්ධන ටද එජාප ප්‍රබලයන් දැඩි ලෙස දෝෂාරෝපණ සිදු කරති.
රයිගම් ආයතනයේ නූඩ්ල්ස් විකුණමින් සිටි අලෙවි ප්‍රවර්ධකයකු වූ ධනුෂ්ක එකල මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක ගේ මාධ්‍ය කණ්ඩායමට මුලින්ම සම්බන්ධ කරගෙන තිබුනේ ඇමතිවරයාගේ ප්‍රවෘත්ති විවිධ මාධ්‍ය ආයතන වලට රැගෙන යන සේවකයකු ලෙස වන අතර කිසි දිනෙක ඔහු මාධ්‍යවේදියෙකු ලෙස පිළිගත් මාධ්‍ය ආයතනයක සේවය කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *