මැතිවරණ සටනට එන රූපවාහිණි නාලිකා

මැතිවරණය උණුසුම දිනෙන් දින වැඩි විමත් සමග මාධ්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය සමිබන්ධයෙන් බොහෝ දෙනකු ඒ සමිබන්දයෙන් කථා කිරිමට පටන් ගැනිම නිසා අප ඒ පිලිබදව සොයැ බැලිමකට ලක් කළ අතර එහිදී පුද්ගලික මාධ්‍ය හැසිරිම සමිබන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වඩා එම පෞද්ගලික මාධ්‍ය ආයතන තම න්‍යාය පත්‍රයකට කටයුතු කරන බව නිරික්ෂණය විය.
ඒ අනුව අද දිනයේ (12) පෞද්ගලික රූපවාහිනි නාළිකාවල ප්‍රචාරය කළ දහවල් ප්‍රවෘත්ති විකාශයේදී ඒ ඒ පක්ෂ සදහා ලබා දුන් කාලය විමසා බැලිමේදී හිරු ටීවී ආයතනය ඉතා පක්ෂක් ග්‍රාහි ලෙස සිය ප්‍රවෘත්ති විකාශය කරන බව නිරික්ෂණය වු අතර එහිදී ඇතැම් පක්ෂ සහා පහර දීමට එම ආයතනය අවස්ථා නොදෙන පක්ෂ යොදා ගන්නා ආකාරයද පැහැදිලි විය.
දෙරණ රුපවාහිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විනාඩියක කාලයක් වෙන් කළ අතර සජිත් ප්‍රේමදාස මහතාට විනාඩි 2.40ක්ද අනුර දිසානායක මහතාට විනාඩි 2.40 ක්ද නෙත් පක්ෂ සදහා තප්පර 19ක් ලබා දි තිබෙි.
සිරස රුපවාහිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විනාඩි 3.16ක්ද සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විනාඩි 5.46ක්ද අනුර කුමාර මහතා වෙනුවෙන් විනාඩි 3.13ක්ද නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් විනාඩි 2.24ක්ද වෙනත් පක්ෂ සදහා තප්පර 15ක කාලයක් වෙන් කළේය.
හිරු රුපවාහිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තප්පර 52ක්ද සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විනාඩි 8.41ක්ද අනුර කුමාර මහතා වෙනුවෙන් විනාඩි 1.53ක්ද නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් විනාඩි 4.14ක්ද වශයෙන් ප්‍රවෘත්ති සදහා කාලය ලබා දුන්නේය.
මේ අතර ස්වර්ණවාහිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විනාඩි 4.20ක්ද සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විනාඩි 2.30ක්ද අනුර කුමාර මහතා වෙනුවෙන් විනාඩි 3.03ක්ද වෙනත් පක්ෂ සදහා තප්පර 6ක කාලයක් වෙන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *