ජනමාධ්‍ය අමාත්‍යාංශයත් සජිත් ට !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කරමින් සිටින අතරේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් හොර රහසේ සජිත් ප්‍රේමදාසට සහය දක්වමින් සිටින බව වාර්තාවේ.මේ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිටය.

අනූෂ පැල්පිට යනු චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිටම තම පැවැත්ම වෙනුවෙන් අවස්තානූකූලව සිය පක්ෂපාතීත්වය මාරු කළ අයෙකි.චන්ද්‍රිකා පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාල ලේකම්වරයෙකු ,ජනාධිපතිනියගේ විස්වාශවන්තයෙකු ලෙස සිටි ඔහු පසුව නිර්ලජ්ජිත ලෙස චන්ද්‍රිකා කුමාරතුංග පාවා දෙමින් මහින්ද රාජපක්ෂ ගැත්තෙකු බවට පත් විය.

රාජපක්ෂ පාලනය තුල විදුලි සංදේශ නියාමන් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වැනි ඉහල සහ බලවත් තනතුරු ලබා ගනිමින් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ලබා ගත හැකි නිල සහ නොනිල ඉහලම බලතල සහ වරප්‍රසාද භුක්ති වින්දේය.යහ පාලන ආණ්ඩු සමයේ සිල් රෙදි නඩුවේ වැරදිකරුවෙකු බවට පත් වී සිර දඩුවම් විඳීමට සිදු වුවත් , ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි වහාම ඊට නොසරිලන තරම් මූල්‍ය වන්දි සමග යලි රාජ්‍ය සේවයේ රැකියාවකද හිමි කර ගත්තේය.එහෙත් ගෝඨාභය පාලනය තුල ඔහු සැහීමකට පත්ව සිටියේ නැත.ඔහු අපේක්ෂා කළ පරිදි ගෝඨාභය බලයට පැමිණි පසු ටෙලිකොම් සභාපති ධූරය ලබා නොදුන් නිසාය.

අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත් වීමත් සමග දැඩි රනිල් වාදියෙකු වූ අනූෂ රනිල් පරාජය වන බව තහවුරු වීමත් සමග සජිත් ප්‍රේමදාසට කඩේ යන්නට පටන් ගෙන තිබේ.හොර රහසේ සජිත් ප්‍රේමදාසගේ උපදේශකයෙකු බවට පත්ව සිටින අනූෂ මේ වන විට එළිපිටම සජිත් ප්‍රේමදාසට වාසි සහගත ලෙස කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.පසු ගිය දිනෙක ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවැරදිව සහ ආචාරධාර්මිකව මාධ්‍ය හසුරුවන්නේ කෙසේද යනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වැඩ මුළුවක් සංවිධානය කර තිබීම ඊට හොඳම නිදර්ශනයකි.ඕනෑම මැතිවරණයක දී විපක්ෂයට අගතිගාමී ලෙස ,අන්ත ඒකපාක්ෂිකව කටයුතු කරන්නේ රාජ්‍ය මාධ්‍යයයි.

හෙට නෛද්දාට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත අනූෂ පැල්පිටගේ ඉලක්කය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු ලේක්හවුස් සභාපති ධූරය වැනි ඉහලම තනතුරකි.ඔහු සජිත්ට කඩේ යන්නට තවත් හේතුවක් වී ඇත්තේ රෙනෝ සිල්වාය.

යහ පාලන ආණ්ඩු සමයේ අනූෂට රැකියාව අහිමි වී හිරේ විලංගුවේ වැටෙන විට පිහිටට සිටියේ හිරු ටීවී සභාපති රෙනෝ සිල්වාය.අනූෂට යාන වාහන මෙන්ම මාසිකව මුදලක්ද දෙමින් මුළු කාලය පුරාම අනූෂාව නඩත්තු කරනු ලැබුවේ රෙනෝ විසිනි.රෙනෝට එලෙස අනූෂව නඩත්තු කරන්නේ අනූෂ විසින් කරනු ලැබූ උපකාරවලට ප්‍රති උපකාරයක් ලෙසය.විදුලි සංදේශ නියාමන් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාලවරයා ලෙස ,රෙනෝට සිය රූපවාහිනී සංඛ්‍යාත ලබා ගන්නට අනූෂ දැක්වූ සහය ජීවිත කාලය පුරාම ප්‍රති උපකාර කල යුතු මට්ටමේ සහයකි.

රෙනෝට අවශ්‍ය වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස දිනන්නටය.ඒ සජිත් ජනාධිපති වූ පසු මරණ දඩුවම නියම වී සිටින ඔහුගේ සහෝදරයා නිදහස් කර ගැනීමටය.හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් ඇති වූ පුරප්පාඩුවට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පත්කිරීමට සමගි ජන බලවේගය ගත තීරණය වැලකී ගියේ ඒ සම්බන්ධයෙන් රෙනෝ සිල්වා විරෝධය පල කිරීම නිසා බව පසු ගිය දිනවල වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *