තොග තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එපා කියද්දී වැටුප හදන වැඩේ පිටට දෙන්න යයි.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ දැනට පවතින පද්ධති ක්‍රමවේදයට ඔබ්බට යමින් සේවක වැටුප් දීමනා ණය පහසුකම් පරිගණක පද්ධතිය ඔස්සේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ඉතාම අඩු පිරිවැයකින් නව තාක්ෂණික ක්‍රමවේදයකට අනුව සකස් කර ඒය සභාපතිවරයාට පෙන්වා තිබියදී එය සකස් කිරිම වෙනත් සමාගමකට පැවැරිමට කටයතු සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

අඩු පිරිවැයක් මත සේවක වැටුප් දීමනා ණය පහසුකම් නව පරිගණක ක්‍රමවේදයකට සකස් කර තිබියදීත් එක් මසකට රුපියල් ලක්ෂ තිහක් හතළිහකට ආසන්න මුදලක් වැය කොට බාහිර ආයතනයකට මෙම වැටුප් සැකසීම ලබාදීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියා පිළිවෙතක් ආයතනයේ අභ්‍යන්තර විගණකගේ හා මුදල් අමාත්‍යාංශ අධ්‍යක්ෂකවරයාගේ දැඩි වුවමනාව මත සිදු කිරීමට අර අදින බව වෘත්තිය සමීති නායකයින් පවසයි.

2017 වසරේදී පද්ධතියට එක් කර ගැනීම සඳහා රුපියල් මිලියන 282 වයකොට ලබාගත් disaster recovery පද්ධතිය මිලදී ගැනීමේදී වැටුප් සැකසීමට භාවිතා කරන මෙන් ප්‍රේම් පද්ධතිය නවීකරණය ද සිදු කර ඇති අතර නව වැටුප් දීමනා ණය පහසුකම් සකස් කිරීම නව තාක්ෂණය ඔස්සේ මෙම නිලධාරීන් සංවර්ධනය කර ආයතනයට ලාභදායී වශයෙන් පවත්වාගෙන යාමට හැකිවන පරිදි සකස් කොට සභාවතිවරයාටද ඒ පිළිබඳව පෙන්වා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම පද්ධතිය මිලදී ගැනීමේදී තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වය දැරූ වර්තමාන වැඩ බලන කළමනාකාර සමන්ලතා ගජදීර මහත්මිය වර්තමාන කළමනාකාරීත්වයට පවසා සිටින්නේ මේ පිළිබඳව තමන් නොදන්නා බවයි.
රාජ්‍ය ආයතනයක මෙතරම් විශාල පිරිවැයක් වියදම් කරමින් ලබාගත් වැටුප් සැකසීමේ නවීකරණය කරන ලද මෙන් ප්‍රේම් එකක් තිබියදී තාක්ෂණික කමිටුවේ සාමාජිකාවක් වුණු වර්තමාන වැඩ බලන කළමනාකාර වරිය රටේ මහජනතාවගේ මුදල් නාස්ති කරමින් මේ පිළිබඳව කිසිත් නොදන්නා බව පවසන්නේ තවත් ටෙන්ඩර් එකට යමින් සන්තෝසම් ලබා ගැනීමේ අරමුණින්ද යන්න සොයා බැලිය යුතු බව එම වෘත්තිය සමිති නිලධාරියා අපට දීර්ඝව පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *