අනියම් මිනීමැරුම් චෝදනා යටගසා ප්‍රදීපා සේරම්ට තානාපති පදවියක්

ඉන්දුනීසියාවේ නව ශ්‍රීලංකා තානාපතිවරිය ලෙස ප්‍රදීපා ද සේරම් මහත්මිය පත් කිරීම විදේශ කටයුතු අමාත්‍යංශයේ බොහෝදෙනකුගේ දැඩි විමතියට හේතුවී තිබේ.
ප්‍රදීපා ද සේරම් හට අනියම් මිනී මැරුම් චෝදනා එල්ලවී තිබීම මීට හේතුවයි. ප්‍රදීපා සේරම් හට අනියම් මිනීමැරුම් චෝදනා එල්ල කරන ලද්දේ ඇගේ ස්වාමිපුරුෂයා වූ මිනින්දෝරු සේරම් මහතා ප්‍රදීපාගේ අසීමිත වද හිංසා ඉවසාගත නොහැකිව රාගම පේරලන්දේ පිහිටි ඔවුන්ගේ නිවස ඉදිරිපිට ගසේ එල්ලී සියදිවි නසා ගැනීමත් සමගය. මෙම මරණයට ප්‍රදීපා සේරම් ගේ වදදීම් හේතුවූ බැවින් ඊට ඇය වගකිවයුතු බවට රහස් පොලීසියට පැමිණිලි කර තිබුනේ සේරම් මහතාගේ මව විසිනි.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ පරීක්ෂණ ලිපිගොනු පොලිස් දෙපාර්තමේන්තුවට බලපෑම් කර අස්ථානගත කිරීමට සලස්වා අදාළ පරීක්ෂණ යට ගසා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කීපදෙනෙකු විසිනි.
ප්‍රදීපා ද සේරම් දැඩි මානසික ආතතියකින් පෙලෙන තැනැත්තියක බව ඇය සමග සේවය කරන බොහෝ දෙනා පවසති. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇය ඇගේ පවුලේ පිරිමි ළමුන් තිදෙනෙකුට පසුව උපන් ගැහැණු දරුවා වීම නිසා එය ඔවුන්ගේ පවුලට අපලයක් ලෙස සලකා ඇගේ දෙමාපියන් ඇයව ඇගේ ආච්චී හා සීයා ගේ නිවසට යවා එහි සිට ඇතිදැඩි කිරීමය. කුඩා කල සිදුවූ මේ සිදුවීම නිසා ඇය සමාජයට වෛර කරන අතර තමාට හැකි සියලු දෙනාගෙන් පලිගන්නා තත්වයට ඇය පත්කර තිබේ.
මෙවන් මානසික ආබාධ ඇති කාන්තාවන් තානාපතිවරියක් ලෙස ඉන්දුනීසියාව වැනි ශ්‍රීලංකාවට ආර්ථික වශයෙන් වැදගත් වන රටකට යැවීම කොතරම් සුදුසුද යන්න නැවත සිතා බැලිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු පවසති.
මීට අමතරව විවිධාකාරයෙන් බිල්පත් දමමින් ඇගේ වෘත්තීය ජීවිතය පුරා රජයේ මුදල් අවභාවිත කර ඇති බවටද ඇයට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *