බන්දුලගේ මාධ්‍ය මේනියාවට ලේක්හවුස් මාධ්‍යවෙිදින් නැගි සිටියි

ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනගේ ප්‍රතිරූපය  ඉහල නැංවෙන ප්‍රවෘත්ති පමණ ඉක්මවා පල කිරීම හා විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට මඩ ප්‍රවෘත්ති පල කිරීම ලේක්හවුස් කර්තෘ මණ්ඩලිකයන් විසින් ප්‍රතික්ෂේපකර තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමටද ලේක්හවුස් මාධ්‍යවේදීන් මේවන විටත් සාකච්ඡා කීපයක් පවත්වා තිබේ.

බන්දුල ගුණවර්ධන සතිපතා සෑම අගහරුවාදා දිනකම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම පවත්වන අතර  එම රැස්වීම නියමිත වේලාවට ආරම්භ නොකිරීම සහ සන්ධ්‍යාව වන තෙක් පැවැත්වීම ද දැඩි   දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

 ඒ සඳහා වඩේ  කමින්හා ප්ලේන්ටි බොමින්  පැය හතරක් හෝ පහක් බන්දුලගේ පුරාජේරුව අසමින් ගත කරන්නට සිදුව තිබේ. මීට විරෝධය පළකරමින් සන්ඩේ ඔබ්සවර් කර්තෘ ප්‍රමෝද් සිල්වා පසුගියදා ඉල්ලා අස්විය.

අමාත්‍යවරයාගේ නම භාවිතා කරන සෑම අවස්ථාවකම ආචාර්ය ලෙස භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍ය සදහා අනිවාර්ය කර තිබේ.

එසේම සියලු රාජ්‍ය මාධ්‍ය ඔහුගේ පුවත් දෙකක් හෝ අවම වශයෙන් ප්‍රචාරය කළ යුතු බවට ද දන්වා ඇත.

ලේක්හවුස් ආයතනයේ බන්දුලගේ අන්තේවාසිකයා ලෙස කටයුතු කරන්නේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ  සිසිර පරනතන්ත්‍රීය.

බන්දුලගේ සියලු දේ ප්‍රචාරය කිරීම හා නියෝග ක්‍රියාත්මක කිරීම සිසිර කරන එකම කාර්යය වේ.

දිනිත් කරුණාරත්න හා සුනන්ද මද්දුමබණ්ඩාර එවන ඕනෑම දෙයක් පලකරන සිසිර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එන කනිෂ්ඨ සේවක ඇමතුම් වලට පවා පුටුවෙන් හිටගනිමින් පිළිතුරු ලබා දීම ලේක්හවුස් ආයතනයේ හොඳම විහිළුවක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *