දාතු කරඩුව වඩම්මන් වී ඇත්තේ මාලිගාව ඉදිරිපිරට ඇති ස්පා එක ඉදිරිපිටින්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ  ඇසළ  පෙරහැර  ගමන් ගන්නා මග පෙරහැර සධාතුක කරඬුව රැගත් හස්තියා  ජනතාවගේ සාධුකාර මැදින් ගමන් කරන දේව වීදීයේ බෝධීන් වහන්සේ ඉදිරිපිට සම්බාහන මධ්‍යස්ථානයට මල්වතු අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේලා ,අනුමැතිය ලබා දුන්  බවත් ,දළදා මාළිගාවේ දියවඩන නිළමේ වරයාගේද  එකඟවත්වය ලැබුණු බවත්,මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් වරියගේද අනුමැතිය ලද බවත් පවසමින්   සම්බාහන මධ්‍යයස්ථානයක්  ආරම්භ කර මේ දිනවල ගජ රාමෙට වැඩයන බව  නගර වැසියෝ පවසති.

එදා දළදා මාළිගා ඉසව්වේ තැබැරුම් ඉවත් කරන්නැයි කෑමොර දුන් බෞද්ධ සංවිධාන  සහ ඇතැම් මහාසංඝයා වහන්සේලාද  මෙම සම්බාහන මධ්‍යස්ථානයට අවසර  දී තිබේදැයි නගර වැසියන් ප්‍රශ්ණ කරති.

ජනාධිපති කාර්යාලයේ  බලගතු තනතුරක් දරන දේශපාලකයෙක්ද මේ  ඇඟ තවන මැදුරට අවසර දී ඇතැයි එය පවත්වා ගෙන යන පුද්ගලයා ප්‍රචාරය කරයි.

ඉතා සූක්ෂම ලෙස  දළදා මාළිගාව අසල බෝධින් වහන්සේ අබියස පවත්වා ගෙන යන මෙම සම්බාහන මධ්‍යස්ථානය සුපිරි ගණිකා මැදුරක් බව අවට  පදිංචිකරුවෝ පවසති.

විදේශීය කතුන්ට සහ පිරිමින්ට සිරුරු තවන්නට විවෘත කර ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය හෙවත් ස්පා හවුස් එකට අනුමැතිය නගර සභාවේ ඉහල නිලධාරින් විසින් ලබා දී ඇත්තේ අතයට විශාල ගනුදෙනුවකට බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සම්බාහන මධ්‍යස්ථානය ඉදිරිපිටින් දළදා වහන්සේ  අසලම තැන්පත් කර ඇති පෙරහැර සධාතුක කරඬුව රැගත් මංගල හස්තිරාජයාද  ,පෙරහැරේ විවිධ නර්ථන ශීල්පීන්ද දියවඩන නිළමේ වරයාද පෙරහැර සමග ගමන් කරයි.

ඒවා විවෘත කිරිමට ස්ථාන නුවර නගරයේ ඕනෑ තරම් ස්ථාන තිබියදී මෙම  සම්බාහන මධ්‍යස්ථානය  දළදා මාළිගාවට යාබදව දිනපතා දස  දහස් බැතිමතුන්මල් පූජා කර වන්දනා මාන කරන  බෝධීන් වහන්සේ ඉදිරිපිට විවෘත කරන්නට මහනුවර මහ නගර සභාවත්, මල්වතු අස්ගිරි මහා විහාරයන්හී නායක හිමිවරුත් අවසර දුන්නේ කුමන පදනම මත දැයි මහනුවර නගර වාසීන් ප්‍රශ්ණ කරයි.නමට බොදු සංවිධනෙ ලෙස පෙනී සිටින ජාවාරම් කාර බෞද්ධ සංවිධානද පූජනීය දළදා පුදබිමේ බෝධීන් වහන්සේ ඉදිරිපිට දැමූ ස්පා එකට අනුබල දී ඇතැයි බොහෝ  පිරිස් පවසති.

මෙම සම්බාහන මධ්‍යස්ථානය ආරම්භ කල පුද්ගලයා අත දිග හැර මහනුවර මහ නගර සභාවේ ඇතැම් නිලධාරින්ටත්   පොලීසියේ ලොක්කන්ටත් සන්තෝසම් ලබා දී මෙම ස්පා ජාවාරම ජයටම කරගෙන යයි.

මෙම තෙමහල් මැදුරේ සුපිරි ගණිකා ජාවාරම යන්නේ   එහි අරක්ගත් ඇතැම් ත්‍රීරෝද  රථ රියදුරන් සහ සංචාරක  ගයිඩ්ලාගේද  සූක්ෂම උපකාරයෙන් බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරහැර සමයේ මෙම සුපිරි ස්පා එක    සුපිරියටම පවත්වාගෙන යයි. මෙම ස්පා එකට එරෙහිව කිසිවකු හඬක් නොනගන්නේ  ඔවුනට ලැබුණු නෝට්ටු නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *