පෙරහැර විකුණා ගසා කන නගර සභාවේ ලොකු නෝනා හා ගෝලයෝ මෙන්න

මහනුවර මහ නගර සභාව නගර සභාවට බදු ගෙවන ජනතාවට කොකා පෙන්වමින් නගරයේ නිදහස් පදික වේදිකාවක් වූ රැජිණ හෝටල් කොරිඩෝව දේශපාළනඥයෙකුගේ හෙංචයියෙකුට රුපියල් කෝටියකට බදුදී තිබේ .
මෙම පදික වේදිකාව බදු දීම සිදුව ඇත්තේ නගර සභාවෙි මහ පුටු කීපයකට මොණර කොළ ⁣ කප්පම් දීමෙන් බව නගර සභාවේ තතු දත් සේවකයන් පවසයි.
නගර සභාවට අලුතෙන් පත්වූ කොමසාරිස් නෝනත් මේ ටෙන්ඩර් ගනුනෙුවේ යටින් සිටි අතර තවත් නිලධාරින් කීප දෙනෙක්ද ජරා ගොඩට හවුල් වී ඇති බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි
මහනුවර නගරයේ ජනතාවට නිදහසේ රැඳී සිටපෙරහැර නැරබිමට තිබෙන නගර සභාව සතු රැජිණ හෝටලයේ පදික වේදිකා කොරිඩෝව රුපියල් කෝටියකට බදු ගත් කරුණාසේන හෙවත් රොටි කරූ නැමැත්තා කලක් මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන ඇමති සරත් එකනායකගේ සමීපතම ගෝලයෙකි.ඔහු දැනට පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පිකට හේත්තු වී සිටින අයෙකි.
රුපියල් කෝටියක් නගර සභාවට ගෙවා තවත් අත යටින් නගර සභාවේ ජරාව කන කාක්කන්ටද ගෙවා රැජිණ හෝටල් පදික වෙිදිකාව පෙරහැ ර සමයේ බදුගත් පුද්ගල⁣යා එම වේදිකාවේ ප්ලාස්ටික් පුටුවක් රුපියල් 25000/= සිට රුපියල් 37500/= සහ රුපියල් 40000/= දක්වා මිළකට තැරැව්කරුවන් මගින් විදෙස් සංචාරකයන්ට අළෙවි කිරීමට කටයුතු යොදා ඇත.
විදෙස් සංචාරකයන් ගසා කන සංචාරක සමාගම්ද මෙම පෙරහැර ආසන ජාවාරමට සහාය දෙන්නේ ට්‍රැවල් ගයිඩ් වරයාටද අතයට ගානක් ලබා දෙමිනි.
බොහෝ සංචාරකයන් මහනුවර ඇසළ පෙරහැර ආසන ජාවාරම් කරුවන්ට හසුවන අතර මහනුවර ඇසළ පෙරහැර භාරයේ ඇතැම් රාජ්‍ය නිලධාරින් ද ආසන ජාවාරමුන්ගේ ජරාව ගොඩට වැටී සිටීම කණගාටුවට කරුණක් බව නගරයේ බදු ගෙවන ජනතාව පවසති.
පෙරහැර සමයේ පෙරහැර භාරය තම වගකීම පැහැර හරිමින් තමන්ගේ සාක්කුවට වැටෙන මෙණර කොළ වලට කෑදර කමින් නිහඬව සිටිතැයි නගර සභාවට බදු ගෙවන ජනතාව පවසති.
විදේශීය සංචාරකයන් ගසා කන ආසන ජාවාරමට වැට බඳින්නට මහනුවර ඇසළ පෙරහැර භාරයට කොන්දක් නැතැයි මහනුවර ජනතාව පවසති.

මෙම මහනුවර මහනගර සභා කොමසාරිස් වරිය හැම කටයුත්තකදීම වැටකොළු පතෝල න්‍යායෙන් වැඩ කරන්නියක් බව නගර සභාවේ සේවක⁣යෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *